අපේ ජනතාව කොවිඩ් බැරෑරුම්කම දැක්කෙ නෑ.නැවත කොවිඩ් සමාජගත විය හැකියි – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

0
166

කොවිඩ් 19 වසංගතය යළි සමාජයට ඇතුලු වීමේ අවදානමක් ඇති බව වසංගත රෝග විද්යා ප්රධානී විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා ප්රකාශ කරනවා.

ඉන්දියානු නීති විරෝධී සංක්රමණිකයන් පැමිණීම,විදේශවල සිට කොවිඩ් 19 රෝගීන් මෙරටට පැමිණීම,මෙරට ධීවරයින් මුහුදු යාමේදී ඉන්දියානු ධීවරයින් සමඟ මුහු වීම ආදී කරුණු හේතුවෙන් මෙරට එම තත්වය උද්ගතව ඇති බවත් එම නිසා අපේ සමාජය තවමත් අනාරක්ෂිත බවත් විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා පවසා සිටිනවා.

එමෙන්ම අපේ රටේ කොවිඩ් 19 රෝගයෙන් මියගියේ රෝගීන් 13 දෙනෙකු බවත් ඒ හේතුවෙන් මෙරට ජනතාව කොවිඩ් 19 රෝගයේ බැරෑරුම්කම නොදුටු බවද විශේෂඥ වෛද්යවරයා මෙහිදී පවසා සිටියා.මේ හේතුවෙන් ජනතාව දැන් කොවිඩ්19 මාර්ගෝපදේශ පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවත් ඒ හේතුවෙන් කුමන මොහොතක හෝ නැවත කොවිඩ් 19 වෛරසය සමාජගත වීමට ඉඩකඩ ඇති බවද විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here