කොරෝනා වැඩිවීම හේතුවෙන් ප්‍රංශය,ජර්මනිය,බෙල්ජියම,එංගලන්තය සම්පුර්ණයෙන්ම වසා දමයි.

0

යුරෝපයේ විශාලතම ආර්ථිකයන් දෙකක් ඇති ප්‍රංශය සහ ජර්මනිය කොවිඩ් මරණ ඉහළ යාම හේතුවෙන් මාසයක් පුරාවට රට අගුලු දැමීම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රංශය සිකුරාදා සිට සති හතරක අගුලු දැමීමක් ආරම්භ කරන බව ප්‍රංශ අගමැති එමානුවෙල් මැක්‍රොන් බදාදා පැවසුවා.

එම නිවේදනයෙන් පැය කිහිපයකට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ද ලබන සඳුදා සිට සති හතරක රටපුරා අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කළා.

පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ සියයට 40කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසා තිබුණා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා ආචාර්ය මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාව වැනි රටවල බහුතරයක් රෝගීන් සංඛ්‍යාව තුනෙන් එකකින් වැඩි වී ඇති බවයි.

මේ අතර කොවිඩ් ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් හෙට දිනයේ සිට සති හයක කාලයක් සදහා බෙල්ජියම වසා දමන බව බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.එමෙන්ම එළබෙන සදුදා දිනයේ සිට එංගලන්තය මුලුමනින්ම වසා දමන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය මොරිස් ජොන්සන් පවසනවා.කොරෝනා අවදානම සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මේ තීරණය ගත් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here