කොරෝනාව මර්දනය කිරීම සදහා ඉන්දීය විද්‍යාඥයන් විසින් නිපදවනු ලැබූ එන්නත ලබන ජනවාරියේ වෙළෙදපොළට නිකුත් කළ හැකි බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කර ඇත.
මේ දිනවල එය විශාල ජනතාවක් වෙත එන්නත් කොට අවසන් පරීක්ෂණ මට්ටමේ පවතින බව එම මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
භාරත් බයෝටෙක් සමාගම විසින් නිපදවා ඇති ‘කොවැක්සින්’ නැමැති මෙම ඖෂධය ලබන වසර මැද වෙළෙදපොළට නිකුත් කළ හැකි බවට මුලින් අනාවැකි පළ කොට තිබුණද මේ වනවිට එය ජනවාරියේදී සිදු කළ හැකි බව එම සමාගම සදහන් කොට ඇත.
මීට අමතරව ලොව තවත් දැවැන්ත ඖෂධ සමාගම් රැසක්ම මේ වනවිට එන්නත් අත්හදා බලමින් සිටින අතර ඒ සියල්ල අවසන් අදියරේ පවතින බවද දැනගන්නට ඇත.