ආර්ථිකය ගොඩ එනකන් පකිස්තාන පාර්ලිමේන්තුවට වැඩි පඩි නෑ..ඉල්ලීම ඉවතට..ඉම්රාන් ඛාන් දැඩි තීන්දුවක.

0

පකිස්තාන මහජන නියෝජිතයන්ගේ වැටුප සියයට පනහකින් වැඩි කරන ලෙසට යෝජනා කරමින් ඉදිරිපත් කර තිබූ යෝජනාව අගමැති ඉම්රාන් ඛාන් විසින් ඉවත දමා ඇතැයි වාර්තා වේ.

පසුගිය මාර්තු 9 වැනිදා මේ යෝජනාව පකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, බලාපොරොත්තු වන ආර්ථික ඉලක්කවලට ළඟා වන තුරු වැටුප් වැඩි නොකරන බව පවසමින් අගමැතිවරයා එම යෝජනාව ඉවත දමා ඇතැයි වාර්තා වේ.

පකිස්තානයේ දීර්ඝ කාලීන ආර්ථික අවපාතය හේතුවෙන් එරට පාර්ලිමේන්තු සාමාජිකයන්ට බොහෝ කලකින් වැටුප් වැඩිවීමක් සිදු වී නොමැති බවට දෝෂාරෝපණයක්ද නැගෙමින් ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here