කොරෝනා වෛරස් ගැන 2009 දි ගඩාෆි කියල..එය මහා පරිමාණ සමාඟම් වල නිර්මාණයක් (VIDEO)

0

ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කළ කතාවකට ලොව බොහෝ දෙනෙකුගේ අවධානය දැන් යොමු වී තිබේ.

ඉදිරි අනාගතයේදී ඇතිවන වයිරස සමග ලෝකයේ ගමන් මඟ වෙනස් වන අන්දම එම කතාවෙන් විස්තර කෙරේ.කතා බහට ලක්ව ඇති එම ප්‍රකාශය ගඩාෆි සිදු කරන්නේ අරාබි බසිනි.

මේ ප්‍රකාශය ඉංග්‍රීසියට පරිවර්තනය කර එයද අන්තර්ජාලයට එකතු කර ඇත. එකී ඉංග්‍රීසි පරිවර්තනයේ සඳහන් වන්නේ මෙවැන්නකි.

‘ඉදිරි අනාගතයේදී වයිරස විශාල සංඛ්‍යාවක් ලොව දැකිය හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. එම වයිරස නිර්මාණය කරන්න සමාගම් ක්‍රියා කරනවා. විශේෂයෙන්ම පෞද්ගලික බුද්ධි ආයතන. එය ව්‍යාපාරයක් බව හොඳටම පැහැදිලියි.

මොකද, ඒවාට දෙන එන්නත් මිලෙන් අධික වනු ඇති නිසා. ඔවුන් වයිරස නිර්මාණය කරනවා, ඒවා ව්‍යාප්ත කරනවා. එනිසා ධනේශ්වර සමාගම්වලට මහා පරිමාණ වශයෙන් ලාභ උපයන්න හැකි වෙනවා.

මේක වෙන්නේ කොහොම ද?, මේ වයිරස මිනිසාගේ පැවැත්මට ත’ර්ජනයක් වුවහොත් එන්නත් නොමිලයේ ලබාදෙයි ද?, හැම කෙනෙකුටම එන්නත් ලබා ගත හැකිවෙයි ද?, “ග්‍රීන් බුක්” කියවන්න; මා මෙය එහි සඳහන් කර තිබෙනවා.

අප එන්නත්වලට මිල ගෙවීමක් කළ යුතු නැහැ. ඒවා නොමිලයේ ලබා දිය යුතුයි.එන්නත් නොමිලයේ ලබා දුනහොත්, එම වයිරසවලින් බහුතරයක් ව්‍යාප්ත වීමක් සිදු නොවන බව ඔබට පෙනී යනු ඇත.

මනුෂ්‍ය සංහතියට ත’ර්ජනයක් වන නියම වයිරසයක් ඒ අතර තිබුණහොත් මුළු ලොවම එයට එරෙහිව එන්නතක් නිර්මාණය කරන්නට එකමුතු විය යුතුයි. එම එන්නත නොමිලයේ ලබාදිය යුතුයි.”

බොහෝදෙනා විශ්වාස කරන්නේ ඉදිරි අනාගතයේදී ලෝකයේ ඇති වන භ’යානක වයිරසයක් ගැන එනම් – කොරෝනා වයිරසය ගැන මෙමගින් ප්‍රකාශ කෙරෙන බවය.

එම වීඩියෝව පහළින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here