දෙවියකු බඳු වෛද්‍යවරයකු නිසා හෘද රෝගියාගේ දිවි ​බේරේ.

0

හෘ දයාබාධයක් වැලඳී අසාධ්‍ය තත්ත්වයෙන් සිය රෝහල් පරිශ්‍රයට පැමිණි රෝගියෙකු රෝහල් ගත කිරීමට ගිලන් රථයක් රෝහලේ නොමැතිවීම නිසා සිය මෝටර් රථයේ නංවාගෙන වැඩි පහසුකම් ඇති රෝහලකට රැගෙන ගොස් දිවි බේරීමට සමත්වූ වෛද්‍යවරයකු පිළිබඳව පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා විය.

තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලබුනෝරුව ගම්මානයේ පිහිටි ඉතා අඩු පහසුකම් සහිත ලබුනෝරුව ග්‍රාමීය රෝහලේ සේවයේ නියුතු වෛද්‍ය උපුල් කුමාර පියදාස රෝගියාගේ දිවි බේරා ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබේ.

පසුගිය (30දා) ලැබුනෝරුව ගම්මානයේ පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකු ඔහුගේ ඇඟපත වේ’දනාව හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පාපැදියේ නැගී ලබුනෝරුව රෝහල වෙත ගොස් තිබේ.

ඔහු එහි යනවිට වෛද්‍යවරයා තවත් රෝගීන් පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිට ඇති අතර පැමිණි රෝගියා යම් අ’පහසුතාවකින් පෙළෙනා බව නිරීක්ෂණයවී තිබේ. වෛද්‍යවරයා විසින් ඔහුව කාමරයට කැඳවා ඇති අතර එහිදී වෛද්‍යවරයාට ඔහු ද’රුණු හෘ දයා බාධයකින් පෙළෙමින් සිටින බව හා ඔහුගේ හදවතට රුධිරය සපයන නාළ කිහිපයක් අ’වහිරවී ඇති බව නිගමනයවී තිබේ.

ප්‍රතිකාර සඳහා පැමිණ සිටි සෙසු රෝගීන්ට වඩා එම රෝගියාගේ ජීවිතය අ’වදානමේ බව වටහා ගත් වෛද්‍යවරයා ගිලන් රථයක් නොමැති රෝහලට ගිලන් රථයක අධාර ඉල්ලා සිටීමෙන් සිදුවන ප්‍රමාදයෙන් රෝගී ජීවිතයට හා’නි සිදුවිය හැකි බව තේරුම් ගෙන වහාම පෞද්ගලික මෝටර් රථයේ රෝගියා නංවා ගෙන මරදන්කඩවල රජයේ රෝහලට රැගෙන ගොස් තිබේ.

ලබුනෝරුවේ සිට කිලෝමීටර් 14ක් පමණ දුරකින් පිහිටි මරදන්කඩවල රෝහලට රෝගියා රැගෙන ගොස් එතැන් සිට ගිලන් රථයකින් ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට වෛද්‍යවරයා කටයුතු කර තිබේ.

රෝගියාගේ ඥාතින්වත් දැනුවත් කරමින් කාලය මිඩංගු නොකළ වෛද්‍යවරයා මනුෂ්‍ය ජීවිතයක ඇති වටිනාකම මැනවින් හඳුනාගෙන සේවයට එහා ගිය උතුම් කර්තව්‍ය සිදුකර තිබේ.

වෛද්‍යවරයා සිදුකළ සද් ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ රෝගියාගේ ඥාතියෙකු වන කේ.එස්.ඒ.එන් රාජපක්ෂ පසුගිය (30දා) තමයි සිද්ධිය වුණේ. මල්ලි ගිහිල්ලා තියනවා අසනීප වෙලා බෙහෙත් ගන්න.

ඒ අවස්ථාවේ තමයි වෛද්‍යතුමා ගිලන් රථයක් නැති නිසා ඔහුගේ මෝටර් රථයෙන් මල්ලිව මරදන්කඩවල රෝහලට ගෙනිහිල්ලා තියෙන්නේ.

ඒ වෙනකොට මල්ලිගේ හෘදයේ නාළ තුනක් සියයට 80-70 හා සියයට සියය වශයෙන් අවහිර වෙලා. ඥාතින්ටවත් කථා නොකර දෙවියෙක් වගේ ඒ අවස්ථාවේ පිහිට වෙලා. අපි දන්නෙත් සිද්ධිය පැය කිහිපයකට පස්සේ.

අපි අනුරාධපුර ශික්ෂණ රෝහලට යද්දි මල්ලිව සැත්කමකට භාජනය කරලා හෘද දැඩිසත්කාර ඒකකයටත් ඇතුළු කරලා. දෙවියෙකු වගේ පිහිටවූ එතුමා නිසායි මල්ලිගේ ජීවිතය මේ වනවිට බේරිලා තියෙන්නේ යනුවෙන් ඔහු පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here