නාගොඩ නිවසකදී මි ය ගිය සැමියාට-බිරිදට කොරෝනා

0

ගාල්ලේ නාගොඩ නිවසක දී මි ය ගොස් සිටි එකම පවුලේ සැමියා සහ බිරිඳ දෙදෙනා ම කොරෝනා ආසාදිත බව තහවුරු වූයේයැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙලෙස මි ය ගොස් ඇත්තේ නාගොඩ කුරුපනාව පදිංචි 73 හැවිරිදි පුද්ගලයකු සහ 72 හැවිරිදි කාන්තාවකි.

නිවසේ දී පෙරේදා (02) මි ය ගිය සැමියාගේ සිරුර කරාපිටිය රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව ඊයේ (03) තහවුරු විය.

මේ අතර ඊයේ (03) බිරිඳ ද නිවසේදීම මි ය ගියාය. ඇගේ සිරුර ද කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙනවිත් කරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල අද (04) උදෑසන  ලැබුණු අතර ඉන් තහවුරු වී තිබුණේ ඇය ද කොරෝනා ආසාදනය වී මි ය ගොස් ඇති බවයි.

මොවුන් දෙදෙනාගේ ම ළ සිරුරු නිරෝධායන නීති අනුව අද (04) සවස දඩල්ල ආ දාහනාගාරයේදී දී ආ දාහනය කිරීමට නියමිත බව අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

දේ හයන් සම්බන්ද ම රණ පරීක්ෂණ කරාපිටිය රෝහලේදී නාගරික හදිසි ම රණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක මහතා විසින් සිදුකරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here