ආදරය ඉල්ලා අත් බෝ’ම්බයක් රැගෙන පෙම්වතියගේ ගෙට රිංගූ පෙම්වතා සි’රගෙට.

0

ප්‍රේම සම්බන්ධතාවට අකැමැති වී යැයි කෝ’ප වී පෙම්වතියගේ නිවසට ගොස් ජීව අත්බෝ’ම්බ යක් පෙන්වා පෙම්වතිය ඇතුළු නිවැසියන් බි’යගැන්වූ පුද්ගලයකුට වසර දෙකක සිර ද’ඬුවමක් හා රුපියල් 10,000ක ද ඩයක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල පෙරේදා (03දා) නියෝග කළේය.

මෙලෙස ද ඩ හා සිර ද’ඬුවම් නියම වූයේ සූරියවැව පාසල් මාවතේ පදිංචි 31 හැවිරිදි අවිවාහක තරුණයකුටය.

චූ දිත සූරියවැව ප්‍රදේශයේ පදිංචි සිය ඥාති දියණියක හා කලක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව ඇය ඔහු හා විවාහවීම ප්‍රතික්ෂේප කර ප්‍රේම සමබන්ධතාව නතර කර තිබේ. චූ දිත අවස්ථා කිහිපයකදීම ඈ හා එක්වීමට ඉල්ලා සිටියත් පෙම්වතිය එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ වුවද නඩුවිභාගයේදී චූදිත මුල්ම අවස්ථාවේදීම විවෘත අධිකරණයේදී ව’රද පිළිගැනීමට ලක්කෙරුණි.

ඒ අනුව විත්තිය හා පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල චෝදනාව සඳහා චූදිතට වසර දෙකක සිර දඬුවමක් නියම කළ අතර එය වසර 15ක කාලයක් සඳහා අත්හිටුවීය.

නුවන් ජයසේකර-මීගහජඳුර (අරුණ)

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here