උඩින් ආපු ගල්පතුරක් වැදී පාරේ යමින් සිටි එක්දරු මවකට දිවි අහිමි වෙයි.

0

අ’පරික්ෂාකාරි අන්දමින් ගල් වෙ’ඩිල්ලක් පත්තු කිරීම හේතුවෙන් ගැලවී ගිය නිසා විශාල ගල් පතුරක් මහපාරේ ගමන් කරමින් සිටි තරුණ එක්දරු මවකගේ හිස මතට වැ’ටීමෙන් එම කාන්තාව ජී’විතක්ෂයට පත්වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගල් වළ භාරව සිටිනා පුද්ගලයා හා ගල් බෝර ක්‍රියාකරු පදවිය පොලිසිය මගින් සැ කපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (4 වැනිදා) සවස සිදුවූ මෙම අ’නතුරෙන් ජී’විතක්ෂයට පත්වී ඇත්තේ අංක 49 තෝණිගල පදවි පරාක්‍රමපුර ලිපිනයේ පදිංචිව සිටි 33 වියැති එක්දරු මවකවූ සුභාෂිනී නිවන්තිකා රජපක්ෂ යන අයයි.

ඇය පදවිය ඩී අට ඇළ මාර්ගයේ පිහිටි ගල්වළ ආසන්නයෙන් ගමන් කරමින් සිටියදී අඟල් දහයක් පමණ වන ගල් පතුරක් ගල්කොරිය දෙස සිට ඉහළ අහසෙන් විත් ඇයගේ හිසට වැටී තිබේ.

පසුව අසල්වාසින් ඇතුළු පිරිසක් එක්ව ප්‍රතිකාර සඳහා ඇය පදවිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පසුව ඇය මි’ය ගොස් ඇත.

අංක 42 මීගස්වැව කිරලෝගම තලාව ලිපිනයේ පදිංචි ගල් වළ භාරකාරු වන සුදත් කුමාර හා ගල් බෝර ක්‍රියාකරු වන ගිහාන් මධුසංඛ පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here