බෝ’ම්බ ප්‍ර’හාරයක් එල්ල වන බවට පැතිරෙන හඬ පටය ගැන පොලිසියෙන් දැනුම් දීමක්.

0

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් බෝ’ම්බ ප්‍ර’හාරයක් එල්ල වන බවට සමාජ මාධ්‍යයේ පලවන හඬ පටය අසත්‍යක් බව පොලිසිය පවසනවා.

මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය යන ප්‍රදේශවල යම් පිපි’රීමක් සිදුවිය හැකි බවට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

2019 අප්‍රේල් මස 21 වෙනිදා එ’ල්ලවූ පා’ස්කු ඉරිදා බෝ’ම්බ ප්‍රහාරයෙන් පසුව යම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කොට අන්තර්ජාලයට මුදාහල හඬ පටයක් නැවත වතාවක් මේ අයුරින් හුවමාරු වෙමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙවැනි අ සත්‍ය පුවත් නිර්මාණය කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ෂණයක් ආරම්භ කර ඇති බව මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.

( News Wire )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here