ලක්ෂ 15 ගත්ත රස්සාවට වඩා රත්තරන් වගේ මේ පො‍ළාව අස්වද්දන එක මට සනීපයි

0

‘‘කාන්තාවක් මුලින්ම ගුවන්යානා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරියක් වුණා නම් ඒ මමරටවල් 40කට විතර මම මේ වෙනකොට සංචාරය කරලා තිබෙනවාඒ කාලේ මගේ වැටුප මාසෙකට ලක්ෂ 15ක්ඒත් ඒ ලක්ෂ 15 රස්සාව කරනවාට වඩා රත්තරන් වගේ තියෙන මේ පොළොව අස්වද්දන්න ඕන කියලා මම හිතුවාරසායනික යොදලා නිස්සාර කළාට මොකද මේ පොළොව රත්තරන්.’’

එහෙම කියන්නී දිප්ති දොඩංගොඩය. ඇය ගුවන්යානා ඉංජිනේරුවරියක් වශයෙන් වසර ගණනාවක් විදෙස්ගතව සේවය කර දැන් මව්රටට පැමිණ කාබනික ගොවිතැනින් වගා කරන්නියකි.

‘‘මගේ ගම පැලැන්වත්තමට හිටියේ අක්කා කෙනෙක් විතරයිමුලින්ම මහරගම විද්‍යාකර බාලිකාවට ගියේශිෂ්‍යත්වෙන් පාස්වෙලා කොළඹ දේවි බාලිකාවට ගියා. 97-98 වසරවල පාසලේ ක්‍රීඩා නායිකාව වුණාදැල්පන්දු සහ පැසිපන්දු මගේ ක්‍රිඩාවසමස්ත ලංකා ජයග්‍රහණ රැසක් ලබාගත්තාඑතනින් සාමාන්‍ය පෙළ සමත්වෙලා ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වුණා.’’

පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසුව ඇය පිවිසෙන්නේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකටය. ටික කලක් එහි රැඳෙන දිප්ති 2008 වසරේ ඕස්ට්‍රේලියාවට යන්නේ තම ආර්ථිකය ස්ථාවර කරගැනීමේ අරමුණින්ය. එසේම ජීවිතයේ එක් සිහිනයක් වූ ගොවිපළක් ආරම්භ කිරීම සඳහා ප්‍රාග්ධනය රැස්කර ගැනීමටද ඇයට අවශ්‍ය විය.

‘‘අවුරුදු 15 දී විතර ඉඳන් මගේ ආසාවක් තිබුණා ගුවන්යානා ඉංජිනේරුවරියක් වෙන්නඒත් අධික මුදලක් වැයවන නිසා ඒ වෙලාවෙ මට ඒක කරගන්න බැරි වුණාඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ මාස 3ක් විතර තාවකාලික රැකියාවක් කළාඊටපස්සේ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථිර රැකියාවක් ලැබුණාඔය අතරෙ මම බ්‍රිස්බන්වල තියෙන සරසවියකට ඇතුළත් වුණා.’’

කණ්ඩායම් දෙකක 400ක් පමණ වූ පුහුණුලාභීන් අතර සිටි එකම කාන්තාව දීප්ති වූවාය. ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු පාඨමාලාව තුළ වසරක් ඇතුළත විභාග 17කට පෙනී සිටීමට ඇයට සිදුවිය. ඒ හැම අවස්ථාවකදිම කණ්ඩායමේ වැඩි ලකුණුලාභියා වීමට ද දීප්ති වාසනාවන්ත වූවාය. පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික පුහුණුව සඳහා විදෙස් රටවල ගුවන් සේවා සමාගම්වලට අනුයුක්ත කිරීම සිදුවේ. එහිදී අබුඩාබි ගුවන් සේවයේ පුහුණුවට යාමට දීප්තිට හැකියාව ලැබෙන්නේ පුහුණුලාභීන් 120 දෙනෙකු අතරින් තෝරාගත් 7 දෙනා අතරට එක්වීමෙනි. ඒ කණ්ඩායමට ඇතුළත් වූ ඕස්ට්‍රේලියානු ජාතිකයින් 6 දෙනා සමඟ සිටි එකම ශ්‍රී ලාංකික කාන්තාව ද දීප්තිය. පුහුණුලාභින් අතරින් පළමුව ගුවන්යානා ඉංජිනේරුවරියක වශයෙන් බලපත්‍රය ලබාගන්නේ ද දීප්තිය.

‘‘ඉන්පස්සේ අබුඩාබි ගුවන් සේවයේ තමයි මට ස්ථිර පත්වීම ලැබෙන්නේඒ කාලය තුළ යුරෝපයේ සහ ඇමරිකාවේ කාලයක් වැඩ කළාඅලුත්ම ගුවන්යානා මිලදී ගන්න යනකොට ඉංජිනේරුවන් යනවා පරීක්ෂා කරන්නඒ අවස්ථාවල බෝයිං සමාගමට ගියාදැනට ලෝකයේ තියෙන තාක්ෂණයෙන් ඉහළම ගුවන්යානය තමයි බොයිං ග්‍රිම් ලයිනර් 787. මේ ගුවන්යානා දෙකක් මිලදී ගන්න අවස්ථාවේ පරීක්ෂා කරන්නත් මම ඇමරිකාවට ගියාස්විස්ටර්ලන්තය, දකුණු යුරෝපයේ වගේ රටවලටත් ගියා.’’

සේවා මුර දෙකක් යටතේ සේවය කිරීමේ දී දහවල කාලයේ කාන්තාවන් සිටියත් රාත්‍රී කාලයේ බොහෝ විට ඇයට සේවය කිරීමට ලැබෙන්නේ තනිවමය. පුරුෂාධිපත්‍යට නතුව තිබූ මේ රැකියාවේ ඇයට සහයෝගය දෙන පිරිසක් මෙන්ම කාන්තාවක් මෙවැනි තැනකට පත්වීම ගැන ඊර්ෂ්‍යාවෙන් පසුවුණ කිහිප දෙනෙකු ද සිටි බව ඇය පවසයි.

‘‘හැම මොහොතකම ගුවන්යානා රාශියක් අහසේ තියෙනවානමුත් ඒ සෑම ගුවන්යානයක්ම ගුවන්ගත කිරීමට පෙර ගුවන්යානා ඉංජිනේරුවරයකුගේ සහතිකයක් අවශ්‍යයිඒ වගේම ගුවන්යානයක් නතර කළාට පස්සෙත් පරීක්ෂාවක් කරලා සහතිකයක් දෙන්න ඕනෙපරීක්ෂාවට විනාඩි 40 සිට පැය 4 යන වෙලාවලුත් තියෙනවාබොහෝම කාර්යබහුලයිඑහෙම නැතුව ගුවන් නියමුවෙකුට යානයක් පියාසර කරවන්න බැහැගුවන්යානයක් පිටත්ව ගමනාන්තය දක්වා ළඟාවෙන තෙක්ම ගුවන්යානා ඉංජිනේරු අතේ තමයි ලොකුම වගකීම තියෙන්නේ.’’

අඩුඩාබියේ සේවය කරන අතරතුර සෑම මසකම ලැබෙන දින 4 නිවාඩුවට ඇය යන්නේ ලෝකයේ සුන්දර ගමනාන්තයන් සොයාගෙනය. පරිසරයේ ඇති සුන්දරත්වය මෙන්ම වනජිවීන් නැරඹිමට ඇති ආශාව නිසාම ලංකාව හැරුණුකොට ස්විස්ටර්ලන්තය සහ කැනඩාවට ඇය නිතර ගියාය. ඒ අතර ඉඩ ලැබෙන හැම මොහොතකම මව්රටට පැමිණ දෙමව්පියන් බලා යාමට ද අමතක නොකළාය.

‘‘2019 වසර වනවිට ඉන්ධන මිල අඩු වැඩි වීමත් එක්ක මැද පෙරදිග කලාපයේ අර්බුධයක් මතුවුණාබොහෝ දෙනෙකුගේ රැකියා නැතිවුණාඅපේ සමාගමෙත් 200ක් විතර අයින් කළානමුත් මට තවදුරටත් සේවය කරන්න අවස්ථාව තිබුණාබොහෝ දෙනෙක් කිව්වා යන්න එපා කියලානමුත් අම්මයි තාත්තයි තනියමඅනෙත් කාරණය මට මගේ රටට සේවය කරන්න තියෙන උවමනාවඒ නිසා 2019 ඔක්තෝබර් මාසෙ මම ඉල්ලා අස්වීම දීලා ලංකාවට ආවා.’’

කුඩා කළ පටන්ම ඇගේ සිතුවිල්ල තිබුණේ කවදා හෝ ජිවිතය සොබාදහම සමඟ ගත කරන්නටය. ගලන ඇලක දොළක සිරිය විඳින්නටය. කුරුඑ කෙවිල්ලන්ගේ කිචිබිචිය අසන්නටය. හමන මද සුළඟේ පහස විඳින්නට ඇය නිතරම ආසා කළාය. ඇය ගොවිපළක් ආරම්භ කිරීමට පිඹුරුපත් සැකසුවාය.

‘‘මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලෙම ඉඩම් දෙකක් අරගෙන තිබුණේඑකක් හොරණ මිල්ලෑවෙඅනෙක කුලියාපිටියෙ අනුක්කනහැම ඉඩමකම අක්කර 2ක් විතර තියෙනවාඒ කාලෙ තාත්තා කුඹුරු වැඩ කරනකොට පුංචි මමත් හරි ආසාවෙන් ඒවට ගියාමට පුංචි උදැල්ලක් හදලා දීලා තිබුණාමගේ ආච්චි අම්මත් ගොවිතැනට හරි ආසා කෙනෙක්ඕවිටිවල වගා කරපුවා තමයි ඒ කාලෙ අපි ආහාරයට ගත්තේඒ නිසා මමත් හිතුවා මේ ඉඩම් දෙක වවන්නකුලියාපිටියෙ මුලින්ම වැඩ පටන් ගත්තාතමන්ගේ වගේ බලා කියාගෙන මල්ලිලා දෙන්නෙක් එහෙ වැඩ කරනවාගිහින් හොයලා බලලා අවශ්‍ය උපදෙස් දෙන එකයි තියෙන්නේකාබනික ගොවිතැන තමයි කරන්නේ.’’

කුලියාපිටිය ගොවිපළේ ඇයගේ ස්ථිර වගාව පොල් සහ අඹය. එයට අමතරව එළවඑ සහ පලතුරු වගා කර ඇත්තේ අතුරු භෝග වශයෙනි. මොරගහහේන ගොවිපළේ වැඩි වපසරියක් වෙන්ව ඇත්තේ කුඹුරු ගොවිතැනටය. වසර ගණනාවක් පුරන්ව තිබූ කුඹුරක් අස්වැද්දුවේ ඇයගේ ද දෑතේ මහන්සියෙනි. පුරන් කෙටීම, දෙමේ කෙටීම, නියර මඩ තැබීම, පෝරු ගෑම මේ සියල්ල කෙරෙන්නේ ඇයගේ සියුමැලි දෑතිනි. සුවඳ විලවුන් මුහුණු ආලේපන හුරු ගතට දැන් දැනෙන්නේ මඩවල සුවඳයි.

‘‘මම වපුරන්න කලින් බිත්තර වී වලට පිරිත් කියනවාසාම්ප්‍රදායික වත් පිළිවෙත් ඒ අයුරින්ම කරනවාදැන් මට තියෙන ප්‍රශ්නෙ ගමෙන් වුණත් කම්කරුවන් හොයා ගැනීමට තියෙන අපහසුවඇත්තමයි කියන්නත් කණගාටුයි අපේ මිනිස්සු ඇඟපත වෙහෙසලා වැඩ කරන්න කම්මැලියිවිදේශිකයොත් එක්ක වැඩ කළ නිසා ඒක මම දන්නවාකුඹුරෙන් ලැබුණු වස විස නැති සුවඳැල් සහ සම්බා හාල් උයනකොට සුවඳයිබාහිර ලෝකයෙන් ඈත්වෙලා මේ විදියට පරිසරය විඳින්න ලැබිම මට හරි සතුටක්.’’

කාබනික ගොවිතැන ගැන ඇය බොහෝ කාලයක සිට සෙව්වාය. විමසුවාය. මේ දිනවල රටේම කතාබහ කාබනික ගොවිතැන ගැන වුවත් ඒ ගැන තොරතුරු දැන කියා ගන්නට කිසිවෙක් නොමැති බව ඇය පවසන්නීය. අදාළ ප්‍රාදේශිය නිලධාරීන් සතුව ද ඒ දැනුම නොමැත. පලිබෝධ හානියක් පැමිණියත් ඒ සඳහා විසඳුමක් ගැන ඔවුන් දන්නේ නැත. ඒත් විවිධ විදිවලට යාවත්කාලීන කරගන්නා දැනුම හරහා ඇය සිය වෙර වීරිය යොදා කාබනික ගොවිතැන කරගෙන යයි.

නමුත් බොහෝ කාන්තාවන් සිහින මවන ආකාරයේ අරුමැසි දිවියක් නම් ඈ නොපතයි.

‘‘විවාහය කියන්නේ සෑහෙන ලොකු බැඳීමක් සහ නිදහසට බා’ධාවක්ඒක මම හිතින් අයින්කරලා තියෙන්නේමේ පරිසරයත් එක්ක ඉන්නවිට කිසිම තනිකමක් දැනෙන්නේ නැහැහැමෝම හැල්මේ දුවන ජීවිතෙන් පුංචි වෙලාවකට හරි නැවතිලා සොබාදහම විඳින්න වෙලාවක් ගන්නඒක ඔය හැමදේටම වඩා සනීපයි.’’

( ඉන්දික සංජීව විතාන – ධරණී )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here