සහන ඉල්ලන්න එපා

0

කොවිඞ් ව සංගතයේ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස මුළු ලෝකයම දැ ඩි ආර්ථික අ ර්බුදයකට ලක්ව තිබීම දේශීය ආර්ථිකයට ද බර පතළ ලෙස බලපා ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහය ට පැවසීය.

ඒ නිසා මේ මොහොතේ ජනතාවට සහන සැලසීම අ සීරු කටයුත්තක් බවත් කළ යුත්තේ සියලූ දෙනා එක්ව දැ  ආර්ථික කළමනාකරණයක් ඇති කර ගැනීම බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

දේශීය වෙළෙඳපොළෙහි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළයෑම නිසා ජනතාව මුහුණදී සිටින දැ ඩි ආර්ථික අ පහසුතා සඳහා ආණ්ඩුව ලබාදෙන සහන මොනවා දැයි ඇමැතිවරයාගෙන් කළ විමසීමේදී මේ බැව් පැවසීය.

ඉදිරියේදී අපට තවත් අ සීරුතාවකට මුහුණ දීමට සිදුවෙයි. ඒ නිසා හැකිතාක් දේශීය නිෂ්පාදන වැඩි කර ගැනීමට යොමු විය යුතුයි. මේක ලෝක වි නාශය හා සමාන වසංගතයක්. එය අවබෝධ කරගෙන කටයුතු කිරීම අප සියලූ දෙනාගේම වගකීම යැයි ද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here