ඛේ’දාන්තයක් වූ ගල්ගමුවේ ප්‍රේම අන්දරය

0

සංස්කෘතියට, ස දාචාරය ඉක්මවා ඉන් ඔබ්බට යන අපට සිදුවන්නේ අ’නර්ථයකි, ව්‍ය’වසනයකි, ඛේ’දවා චකයකි. එවැනි ඛේ’දවා චකයන් පසුගියදා අපට අසන්නට ලැබුණේ ගල්ගමුව මහනාන්නේරිය ප්‍ර​දේශයෙනි. ඒ විසිඅට හැවිරිදි කාන්තාවක් හා වයස අවුරුදු දහයක දරුවෙක්ට දිවි අ හිමි කර ඝා’තකයා විසින්ම තමාගේත් ජීවිතය අ’හිමි කරගත් පුවතකි.

එසේ ජීවිතය අහිමි වූයේ ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පාතම්බර ආරච්චිලාගේ ඉන්දිකා ශාන්ති, 10 හැවිරිදි රාජකරුණ මුදියන්සේලාගේ සෙනිත ලක්විදු සහ 28 හැවිරිදි හේරත් මුදියන්සේලාගේ ප්‍රියංග තුෂිත කුමාර විජේරත්න යන අයටයි.

28 හැවිරිදි ඉන්දිකා ශාන්තිගේ පාසල් අවදියේ පෙම්වතා වූයේ සම වයසේම වූ ප්‍රියංග තුෂිත කුමාරයි. නමුත් විවිධ හේතු කාරණා නිසා ඒ පාසල් ප්‍රේමය බි ඳ වැටුණු අතර ඉන්දිකා ශාන්තිට වෙනත් විවාහයක් සිදුකර ගැනීමට සිදුවී තිබේ.

ඒ විවාහයෙන් ඇයට වයස අවුරුදු 10ක සහ වයස අවුරුදු 4ක පුතුන් දෙදෙනකුද වූහ. ඉන්දිකාගේ නීත්‍යනුකූල සැමියා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරයි.

අතහැරුණු ප්‍රේමය නැවත දළුලෑමේ ප්‍රතිඵලයක් විදිහට ඉන්දිකාත්, ප්‍රියංගත් අතර කුමන හෝ සබඳතාවයක් පැවැති බව ප්‍රදේශවාසීහු පවසති. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 7 වැනි දින පාන්දර 1ට පමණ මේ ඛේ’දවා චකය සිදුවන්නට ඇතැයි නාන්නේරිය පොලිසිය අනුමාන කරයි.

වයස අවුරුදු 4ක දරුවා පාන්දර අවදි වී මවත්, සහෝදරයාත් කතා නොකරන නිසා අසල්වැසි නිවසක් වෙත ගොස් ඒ බව පවසා ඇත. ඒ අනුව එම නිවැසියන් පැමිණ සොයා බලන විට මෙම ඛේ දා’න්තය දැක ඇත.

එම ඝ’ත නයෙන් පසු ඝා ත  කයාද  සිය දිවි හා’නිකරගෙන ඇත. ඔහු ලිපියක් මගින් සඳහන් කර තිබුණේ ‘චූටි අයියේ අම්මා බලාගන්න මම යනවා’ යනුවෙනි.

අ’නියම් පෙමක් ජීවිත කීපයක් බි’ලි ග්ත්තේ එලෙසිනි. සමාජ ස’දාචාරයට එරෙහිව ජීවිතයේ සතුට සොයා යන කාහට වුවද අවසානයේ දු ක, අ සතුට, දො ම්නස උරුම වන බව මි ය ගිය උන් ජීවත්වන අපට කියා දෙන පාඩමකි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නාන්නේරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.අයි.බී. ජයරත්න, සහකාර පොලිස් අධිකාරි සාලින්ද, නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන යන අයගේ මැදිහත්වීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

( අරුණ -එස්. විජේරත්න – අඹන්පොළ/ආනන්ද කරුණාතිලක – ගල්ගමුව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here