දකුණු ඉන්දියාවෙන් මුහුදු බූ’රුවන් හොරෙන් මෙරටට ගෙනත්

0

ඉන්දියාවේ සිට නීති වි’රෝධී ලෙස මෙරටට ගෙන එන ලද මුහුදු කූඩැල්ලන් සහ මුහුදු බූ’රුවන් තොගයක් තම භාරයට ගෙන ඇති පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් සැ’කකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

කල්පිටියට උතුරින් පිහිටි උච්චමුනේ දූපතේ රහසිගත ස්ථානයක මෙම මුහුදු කූඩැල්ලන් සහ මුහුදු බූ’රුවන් තොගය සඟවා තිබී ඇත.

කල්පිටිය නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ධීවර නිලධාරීන් විසින් වැ’ටලීම සිදු කර ඇත.

සැ’කකරුවන් සතුව තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 805 ක්, මුහුදු බූ’රුවන් කිලෝ ග්‍රෑම් 90 ක්, බෝට්ටු 02 ක්, බෝට්ටු ඇන්ජින් 02 ක්, ජී.පී.එස්. යන්ත්‍රයක්ද වැ’ටලීම කළ ධීවර නිලධාරීන් තම භාරයට ගෙන ඇත.

මෙම මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 2000 කට සහ මුහුදු බූ’රුවන් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 8500 කට අලෙවි කිරීමට සුදානම් කර තිබූ බව සැ’කකරුවන් ධීවර නිලධාරීන් හමුවේ පවසා ඇත.

දකුණු ඉන්දියාවේ සිට ගෙනවිත් ඇති මෙම මුහුදු කූඩැල්ලන් සහ මුහුදු බූ’රුවන් තොගය මහ මුහුද මැදදී ඉන්දිය ධීවරයන් විසින් මෙරට ධීවරයන්ට භාර දී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බව නිලධාරීහු සඳහන් කරති.

සැ’කකරුවන් පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා හමුවට පසුගිය 06 වැනිදා සවස ඉදිරිපත් කරන ලදී.

සැ’කකරුවන් ඉන්දීය ධීවරයන් හා සෘජුව ගනුදෙනු කර ඇති බව අනාවරණය වන බැවින් ඔවුන්ව දින 14 ක කාලයක් කල්පිටිය – අම්මාතෝට්ටම් හී පවත්වා ගෙන යන නීරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස දිසා විනිසුරුවරයා මෙහිදී නියම කරන ලදී.

තවද මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් ලබන 24 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද දිසා විනිසුරුවරයා වැ’ටලීම සිදු කර ඇති ධීවර නිලධාරීන්ට නියෝග කරන ලදී.

( ජූඩ් සමන්ත – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here