පාලම මතට නැඟී සෙල්ෆි ගන්න ගිය තරුණයා මුහුදට වැටී ජී’විතක්ෂයට.

0

යාපනය තීවගම් මාර්ගයේ පන්නෙයි පාලම මතදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගත් තරුණයෙකු ඊයේ (08) සවස එම පාලමින් වැටී මුහුදු ජලයට ග සාගෙන ගොස් දියේ ගි’ලීමෙන් පසු ම ළ සිරුර අද (09) සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.

පන්නෙයි පාලම මතට නැගගත් තරුණයා අත තිබූ ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ ගනිද්දී පය ලිස්සා එකවරම පාලමෙන් පහලට වැ ටුනු බවට අසල්වාසීන් පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත් පාලමෙන් වැ ටී ඇත්තේ මුහුදු රල සහිත ප්‍රදේශයකට වන අතර මේ හේතුවෙන් ප්‍රදේශවාසීන්ට වැ ටුනු තරුණයා සෙවීමට නොහැකිවීමෙන් පොලීසියට දැනුම් දී ඒ බව නාවික හමුදා නිලධාරීන්ටද දැනුම් දෙනු ලැබීය.

කෙසේ වෙතත් පාලමෙන් වැටුනු තරුණයා නාවික නිලධාරීන්ගේද සහයෙන් පැය කිහිපයක් සෙවීම සිදුකිරීමෙන් පසුව අද අලුයම් කාලයේදී සිරු සොයාගැනීමට නාවික සෙබලුන් සමත්ව ඇත.

මෙලෙස පාලමෙන් වැ ටී මි ය ගොස් ඇත්තේ යාපනයේ පදිංචි 31 හැවිරිදි වී ගෞතමන් නැමති තරුණයෙකතු බවට අනාවරනය වී ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here