මාසයකට රට වහන්න? සෞඛ්‍ය බලධාරීන් අවසන් තීරණයට සූදානම්.

0

කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැ’ඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෘ ත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් මෙය රජයේ මෙන්ම පුද්ගලික වෛද්‍ය සේවාවන් වල ද එක ලෙස බලපා ඇති බවත් ය.

දිනපතා සිදුවන ම’රණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර මේ දිනවල අප ලෝකයේ ඉහළම කොවිඩ් ම’රණ අනුපාතයන් වාර්තා කරමින් පවතිනවා.

රෝගීන් සංඛ්‍යාව මෙන් ම විශේෂයෙන්ම ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන් සංඛ්‍යාව ඉතා දැ’ඩි ලෙස ඉහළ යමින් පවතින අතර ප්‍රතිකාර කිරීමේ පහසුකම් එහි උච්චතම අදියරට පැමිණ ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ අතර සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇ’ඳිරිනීතිය පනවන්නැයි බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාම හා ම’රණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බවත් මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර දෛනික ම’රණ සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා.එමෙන්ම පසුගිය දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා ම’රණ 1000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මේ තත්ත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවිනි රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බවද බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අංශය මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ජනරාල් වෛද්‍ය හේරත් මහතා සඳහන් කර සිටියේ දැනට පවතින තත්ත්වය පිළිබඳව සියලු පාර්ශවයක සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here