පාලකයන් වැඩ කරන්නේ විශේෂඥයන් පසෙකලා කේවට්ටයන්ගේ බස් අසලා

0

වෛද්‍ය විශේෂඥයන් පසෙකලා පුරෝහිතයන් කේ’වට්ටයන් සච්චකයන් හා බ්‍රාහ්මණයන්ගේ බස් අසා රටේ පාලකයන් වැඩ කරන බවත් මෙය රට අ’ගාධය කරා ගෙන යන විසල් අ’නතුරක් බවත් නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (10 වැනිදා) පැවසූහ.

ජනතාව සම්බන්ධ කරගනිමින් රටට ගැළපෙන ජනතාවාදී වැඩපිළිවෙළක් හැදීමට සිදුව තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.නරාහේන්පිට අභයාරාමයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද පැවසූහ. “අද මේ රට අ’වුල් වෙලා. ජනතා බලය ගත්තත් ජනතා බලය දුන්නත් ජනතාවට කවදාවත් නැති විදිහෙ දුකක් අද වි’ඳින්න වෙලා තියෙන්නේ. සමහරක් අයට බලය ලැබුණම උ’ද්දච්ච කමයි අ’හංකාරකමයි වැඩි වෙනවා.’’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here