ඩෙල්ටාවේ තරම ඉදිරියේදී පෙනෙවි..කන්න නැති උනොත් කවුරුහරි දෙයි..ඔක්සිජන් නැතිවුනොත්

0

ඩෙල්ටා වයිරසය ඉදිරි සති දෙකේදී ප්‍රබලව ක්‍රියාත්මක වනු ඇති බවත් මේ තත්වය තේරුම් ගෙන සංචරණ හැකිතාක් සීමා කරන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නව වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ජනතාව තමන්ම ” ලොක්ඩවුන් “(අ ගුලු දැමීම ) විය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

යම් පුද්ගලයකුට කෑම නැති වුණහොත් කවුරුන් හෝ එය ලබා දෙනු ඇති බවත් ඔක්සිජන් නැති වුවහොත් සිදුවෙන දේ සිතාගැනීමට තමා ජනතාවට යෝජනා කරන බවත් ඔහු පැවසුවේය .

ඩෙල්ටා වයිරසයේ බලපෑම ආරම්භ වූවා පමණක් යැයි පැවසූ ජීවන්දර මහතා මෙහි භ’යානක බව හොඳින් දැනෙන්නේ ඉදිරියේදී බවද සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරි සති දෙක තුන ඉතාම තීරණාත්මක බවද ආචාර්යවරයා කීවේය .

චීනයේ වුහාන් ප්‍රාන්තයේ පැතිර ගිය වයිරස ප්‍රභේදයට වඩා දෙගුණයක පමණ වේගයෙන් ඩෙල්ටා සැ ර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරෙන බවත් මුව ආවරණය තප්පර 5ක් ගලවාගෙන සිටියහොත් ආසාදිතයකු බවට පත්වීමට එම කාලය හොඳටම ප්‍රමාණවත් බවත් ඔහු පැවසුවේය.

මෙම වයිරස ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට නම් මේ අවස්ථාවේදී දැ ඩි ක්‍රියාමාර්ගවලට යා යුතු බවද චන්දිම ජීවන්දර මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here