ගෙයින් එළියට බහින්නේ බලාගෙන..වරෙන්තු නොමැතිව අත් අඩංගුවට ගන්න පුලුවන්.

0

කොවිඩ් 19 වෛරසය පෙර නොවූ විරූ පරිදි ඉතාමත් සීඝ්‍රයෙන් දිවයින පුරා පැතිර යන බවත් එය ම’ර්දනය කිරීමට නම් මූලික සෞඛ්‍ය නී ති රී ති වලට ජනතාව දැ ඩිව අනුගත විය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

2020 ඔක්තෝබර් මස 17 වන දින ප්‍රකාශයට පත් කෙරුණු මහජන ආරක්ෂාව පිළිබඳ විශේෂ ගැසට් පත්‍රයෙන් මුහුණු ආවරණ පැළඳීම පිළිබඳව වන නී තිමය තත්ත්වය පැහැදිලි කර තිබෙනවා.

නිරෝධායන සහ රෝ ග වැළැක්වීමේ ආ’ඥා පනත යටතේ නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනයට අනුව පොදු ස්ථානයක මුහුණු ආවරණ පැළඳ නොසිටින යම් තැනැත්තෙකුට එ’රෙහිව නිරෝධායන නී’තියට අමතරව අ’පරාධ නී ‘තිය යටතේ ද ද’ඬුවම් පැමිණවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

ඒ අනුව එවැනි ව’රදක් සිදු කරන තැනැත්තෙක් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පවා නී’තිමය ප්‍රතිපාදන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.

මෙම නී’තිය යටතේ මේ වන විටත් මුහුණු ආවරණ නොමැති සහ නිසි ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳ නොසිටි පුද්ගලයෙන් පනස් තුන් දහසකට අධික පිරිසක් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

මෙම නවතම තත්ත්වය සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඒ සම්බන්ධයෙන් දැ ඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත්, අවශ්‍ය නි’යෝග නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අනුව මුහුණු ආවරණ නොමැති සහ නිසි ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් අරඹයා අද සිට නී’තිය දැ ඩිව ක්‍රියාත්මක වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here