දේවාලය කඩා දෙවියන්ගේ කරේ තිබූ රන් ආඹරන සො’රාගෙන ගිහින්.

0

මුලතිව් මාන්කුලම් පොලිස්වසමේ පාලමරතඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක දේවාලයේ තිබූ රන් ආඹරන ඊයේ (15) දින සො’රාගෙන ගොස් ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

පාලමරතඩි ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිලේ දොරටුවේ අගුල් කඩා ඊයේ රාත්‍රියේ දේවාලයට ඇතුල්වූ සො’රෙකු විසින් දේව පිළිමේ පළන්ඳවා තිබූ රන්ආබරන සො’රාගෙන ගොස් ඇති බවට කෝවිලේ ප්‍රධාන පූජකවරයා විසින් මාන්කුලම් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

පසුව අදල කෝවිල වෙතට පැමිණි මාන්කුලම් පොලිස් නිලධාරීන් විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇති අතර රන් ආඹරන සොරාගත් අය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරනය වී නොමැති බව මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here