ඉදිරි රැල්ල ම’ඬින්න එන්නතට බැහැ..එන්නතේ වාසියට පෙර රට අ’වාසනාවන්ත තත්ත්වයට යනවා.

0

ඉදිරියේ පැමිණෙන​ කොවිඩ් රැල්ල නැවැත්වීමට එන්නත්කරණයට හැකියාවක් නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසයි.

ඊයේ (16) සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එන්නත්කරණ ක්‍රියාවලියේදි ලෝකයේ අනෙකුත් රටවල්වලට වඩා ඉදිරියෙන් සිටියද එන්නතෙන් ලැබෙන වාසිය ලබා ගැනීමට පෙර රටට අ’වාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව හෙතෙම මෙහිදී සඳහන් කළේය.

රටේ තීන්දු තීරණ ගැනීම පිළිබඳව සිදුවන ප්‍රමාදයද වසංගතය ව්‍යාප්තවීමට එක් හේතුවක් බවද විශේෂ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here