තලේබාන්වවරුන්ට හසුවූ ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් අනාගතය…ක්‍රීඩකයින් තිදෙනෙක් එංගලන්තයේ.

0

ඇති වී තිබෙන තත්ත්වයත් සමඟ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් රටම සහ එහි අනාගත පිළිබඳව ප්‍’රශ්නාර්ථයක් මතුව තිබෙනවා.

ඇෆ්ගනිස්තානය තුළ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත වූයේ බොහෝ කාලයකට පෙර වුවත් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබුවේ 2017  වසරේදීය.

ඇමරිකාව ප්‍රමුඛ හමුදා පෙරළා දැමූ තලේබාන් පාලනයෙන් පසු බලයට හා ප්‍රජාතන්ත්‍රවාදී රජය යටතේ බිහිවූ නව ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම සිය ආධුනිකත්වය හැරදමා ජාත්‍යන්තර පිටියේ ඉහළට නගිමින් සිටියේ කෙටි කලක් ඇතුළතය.

මේ වන විට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි දී රැඳී සිටින්නේ දහවැනි ස්ථානයේය.ඒ ශ්‍රී ලංකාවට පසු එම ලැයිස්තුවේ සිටින රට බවට පත්වෙමිනි.

ජාත්‍යන්තර 20 20 ශ්‍රේණිගත කිරීමේ දී ඔවුන් ශ්‍රී ලංකාව පවා අභිබවා ඉදිරියෙන් සිටින අතර එම ලැයිස්තුවේ ඇෆ්ගනිස්ථානය හත්වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව හයවන ස්ථානයේත් පසුවනවා.ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් ගැන අවධානය යොමුකළ හොත් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල දී ද ඉහළට පැමිණීමට හැකිව තිබෙනවා.

මේ වන විට හොඳම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ දී 3 වැනි ස්ථානය සිටින්නේ ඇෆ්ගන් ක්‍රීඩක මුජිබර් රහුමාන් වන අතර එක්දින තුන් තුන්ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ දී දෙවන ස්ථානයේ සිටින්නේ ඇෆ්ගන් ක්‍රීඩක මොහොමඩ් නබීය.

එමෙන්ම ලෝක ප්‍රසිද්ධියට පත් දඟ පන්දු යවන්නෙකු වන රශීඩ් ඛාන් හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම් හි හතරවන ස්ථානයේ පසුවනවා.

20 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල තත්ත්වයද මීට දෙවැනි වන්නේ නැහැ.විස්සයි විස්ස හොඳම පන්දු යවන්නන්ගේ ලයිස්තුවේ තුන්වන ස්ථානය සහ පස්වන ස්ථාන හිමිකර ගැනීමට ඇෆ්ගන් ක්‍රීඩකයින් වන රෂීඩ් ඛාන් සහ මුජිබර් රහමාන් සමත්ව සිටිනවා.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙතරම් ඉහළ තැනක සිටියදීත් එරට සිදු වූ බ ල පෙ’රළිය පිළිබඳව ක්‍රිකට් ලෝලීන් මෙන්ම ක්‍රිකට් විචාරකයන් ද සිය ක’නස්සල්ල පලකොට තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇෆ්ගනිස්ථානය තුළ පවතින සියලුම ක්‍රිකට් ක්‍රීඩාංගන ද මේ වන විට තලේබාන් ත්‍ර’ස්ත යින් සිය පාලනයට ගෙන ඇති බවයි.

එම තත්ත්වය යටතේ ඇෆ්ගන් ක්‍රිකට් අනාගතය තහවුරු වී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා ඇතැම් විට මෙය වන ක්‍රිකට් හී අවසානය විය හැකි දැයි ඇතැම් මාධ්‍ය ප්‍රශ්න ප්‍රශ්නකොට තිබෙනවා.

තත්ත්වය එසේ වෙද්දී ඇෆ්ගනිස්ථාන 2020 නායක සුපිරි ක්‍රීඩක රශීඩ් ඛාන් තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී සහ මුජිබර් අර් රහමාන් මේ වන විට ශතක තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්තයට බලා ගොස් තිබෙනවා.

රශීඩ් ඛාන්,මොහොමඩ් නබී සහ මුජිබර් ආර් රහමාන් යන තිදෙනා විදෙස් ගතව සිටියත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාම පාහේ ඇෆ්ගනිස්ථානය තුළ සි’රවී සිටින බවද විදෙස් මාධ්‍ය අනාවරණය කළා.

එමෙන්ම රෂීඩ් ඛාන් සහ මොහොමඩ් නබී යන දෙදෙනා සිය රටට අත් වූ ඉරණම පිළිබඳ ශෝ’ක ජනක අදහස් පළකොට තිබෙනවා.

තමන්ට අවැසි වන්නේ සාමය බවත් ඇෆ්ගනිස්තානය වෙත මෙවන් ඛේ’දජනක ඉ’රණමක් අත්වීමට ඉඩ ලබා නොදෙන ලෙසත් තමන් ලෝක නායකයින් වෙත ආ’යාචනා කරන බවත් රශීඩ් සහ නබි පවසා තිබෙනවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තරයේ කතාබහ එලෙස වුවත් ඇෆ්ගන් ක්‍රිකට් මණ්ඩලයේ විධායක නිලධාරී හා ශින්වාරී පවසා තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනත් අදහසක්.සිය රට තුළ සිදු වූ දේශපාලනික වෙනස ක්‍රිකට්වලට අ’හිතකර ලෙස බලනොපානු ඇති බව ඔහු පවසනවා.

ශින්වාරී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තතලේබාන්වරු ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන් පිරිසක් බවයි එබැවින් ඔවුන් සිය රටෙහි ක්‍රීඩාවට සහාය දක්වනු ඇති බව ඔහු අවධාරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here