මොහොමඩ් තස්ලින්ට පොලීසියෙන් ලක්ෂ 25ක්

0

මාවනැල්ල බුදු පිළිමවලට හා’නි කිරීම සම්බන්ධ තොරතුරු සැපයීම නිසා ත්‍රස්තවාදීන්ගේ වෙ’ඩි ප්‍ර’හාරයට ලක්ව ආ’බාධිත තත්ත්වයට පත්වූ මොහොමඩ් රසීක් මොහොමඩ් තස්ලින් මහතාට එම තොරතුරු ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය රුපියල් ලක්‍ෂ 25ක මුදලක් ලබා දී ඇත.

එම මුදල ඔහු වෙත පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අතින් එම අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරු ද මෙහි වෙති.

ඩයනා උදයගනී – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here