කොරෝනා නිසා මි’ය ගියා යැයි සිතූ තරුණයාට සිහිය ඇවිත්.

0

මහ මග වැ’ටී සිටියදී හමුවූ තරුණයෙක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ම’රණයට පත් වූ අයෙකු බව සිතා කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යාමෙන් පසුව සිහිය ලැබ රෝහලින් ප’ළා යාමේ පුවතක් වාර්තා වේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ කුරුණෑගල යන්තම්පලාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.

අධික ලෙස ම ත් ද්‍රව්‍ය පා නයට ඇ’බ්බැහිව සිටින අයකු බව කියන මෙම තරුණයා කුරුණෑගල විල්ගොඩ මාර්ගයේ ගසක් යට වැ’ටී සිටියදී ප්‍රදේශවාසීන් දැක ඇත.

හමු වන විටත් බිම වැතිරී සිටි ඔහුගේ මුහුණ ඇතුළු සිරුර පුරා කුහුඹුවන් සහ මැස්සන් පිරී සිටි බැවින් මේ මේ දිනවල පවතින තත්ත්වය අනුව මොහු කොරෝනා වෛරසය ආසාදනය වීමේ හේතුවෙන් ම’රණයට පත්ව මහ මග වැ’ටී සිටි අයකු බවට ප්‍රදේශවාසීන් විසින් නිගමනය කර ඇත.

එම නිගමනය හේතුවෙන් මොහුට ආසන්න වීමට කිසිවකුත් උත්සාහ දරා නැති අතර නැති අතර පසුව පොලීසිය සහ ඒ අසල පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එක්ව එම තරුණයා ගිලන් රථයක දමා කුරුණෑගල ශික්ෂණ රෝහලට යවා ඇත.

රෝහලට රැගෙන ගොස් මද වේලාවකට පසුව ම’රණයට පත්ව ඇති බවට සැ’ක කළ තරුණයා ට සිහි ලැබී තිබූ බවද ඉන් ස්වල්ප වේලාවකට පසුව ඔහු හොර රහසේම රෝහලෙන් ප’ලාගොස් ඇති බව ද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙම සිද්ධියේ ඇති සැබෑ තතු අනාවරණය වීමට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයකු මහමග වැටී මි’ය ගොස් ඇති බව සඳහන් පුවතක් ඉතා උණුසුම් ලෙස කුරුණෑගල නගරය පුරා පැතිර ගොස් තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here