ළිදට වැටුණු බලුපැටියා බේරගන්න ගිය අයෙක් එම ළිදටම වැ’ටී අවසන් ගමන් යයි..

0

දෙල්ගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු පෙරේදා (16 වැනිදා) සවස ළිදට වැ’ටුණු තම සුනඛයා බේ’රාගැනීමට ගොස් එම ළිදටම වැ ටී මි’ය ගොස් ඇතැයි මීගහවත්ත පොලීසිය කීවේය.

මෙසේ ම’රණයට පත්ව ඇත්තේ මීගහවත්ත ගුණරත්න මාවතේ පදිංචිව සිටි රාමනායක අප්පුහාමිලාගේ මංජුල නුවන් නිශාන්ත නමැති හතළිස් නව හැවිරිදි දෙදරු පියෙකි.

අසල්වැසි නිවසක පිහිටි අඩි 35ක් පමණ ගැඹුරු ළිඳට තම නිවසේ ඇතිකරන සුනඛයා වැ’ටීමෙන් පසු කඹයක ආධාරයෙන් ළිඳට බැස ඇති ම’රණකරු විසින් එම සුනඛයා රැගෙන යළි ගොඩට ඒමේදී කඹය ක ඩා වැ ටී ඔහු දියේ ගි’ලීමෙන් මෙම ම’රණය සිදුව ඇති බව පොලීසිය කීවේය.

මෙම සිදුවීම පිළිබඳ ම’රණකරුගේ මව වන දයාවතී ප්‍රේමලතා මහත්මිය මෙසේ කීවාය.

‘ගෙදර ඇතිකරන බ’ල්ලා සවස 6.00ට විතර ළිඳට වැ’ටිලා මො ර දුන්නා. දුවලගේ පුතාලා බ’ල්ලා ළිඳෙන් ගන්න කඹ පනිට්ටු හොයාගෙන ලෑස්ති වුණා.

මංජුල පුතා කඩේ ගිහින් එන ගමන් ළිද ගාවට ගිහින් බ’ල්ලා ගන්න කඹයක් ඉණේ ගැටගහගෙන ළිඳට බැහැලා තියෙන්නේ. ළිඳට බැහැලා බ ල්ලා කරට අරන් උඩට එන කොට ඉණේ තිබුණ කඹය ගැලවිලා බල්ලා එක්කම පුතා ආපහු ළිඳට වැ’ටි ලා.

උඩ හිටිය දරුවෝ ටික දැකලා තියෙනවා මංජුල පුතා වතුර යටට යනවා උඩ එනවා. අපි උදව් ඉල්ලා කෑ ගැහුවත් කවුරුත් එන්න හිටියේ නැහැ.පොලීසියෙන් ඇවිත් තමයි රෑ පුතාව ගොඩට ගත්තේ‘

මෙම සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණි කෑරගල හදිසි ම’රණ පරීක්ෂක ඒ. විජේරත්න පශ්චාත් ම’රණ පරීක්ෂණය සඳහා ම’ළසිරුර රාගම මහ රෝහලට රැගෙන යන ලෙස මීගහවත්ත පොලිසිය වෙත නියම කළේය.

තෙවිදු දිනයන – දෙල්ගොඩ/ඉසුරු අසංග – සපුගස්කන්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here