පාරේ වැටී සිටි කතක් පැය ගණනකට පසු ම’රුට..කිසිවෙක් උදව්වට ඇවිත් නෑ.

0

මාර්ගය අසල වැ’ටී සිටි කාන්තාවක පැය ගණනාවක් යනතුරුත් කිසිවකුගේ උපකාරයක් නොමැතිව මි’ය ගොස් සිටි බව වැලිපැන්න පොලිසිය පවසයි.

වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර ප්‍රදේශයේ අලුත්ගම – මතුගම ප්‍රධාන මාර්ගය අසල පෙරේදා 19 වනදා දහවල් සිට වයස 55 – 60 ක පමණ කාන්තාවක වැටී සිට ඇති අතර මේ දිනවල පවතින කොරෝනා අ’වදානමත් සමග කිසිවකු ඇයට උපකාර කිරීමට ඉදිරිපත් වී නොමැති බව පොලිසිය කියයි.

ප්‍රදේශවාසියකු විසින් එදින සන්ධ්‍යාවේ 119 අංකයට ලබාදුන් ඇමතුමක් අනුව එම ස්ථානයට පැමිණි වැලිපැන්න පොලිසියේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ එම කාන්තාව මි’ය ගොස් ඇති බවයි.

අනතුරුව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආනන්ද සිල්වා මහතා විසින් වැලිපැන්න හ දිසි ම’රණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා එම ස්ථානයට ගෙන්වා හදිසි ම’රණ පරික්ෂණයක් සිදුකර අධිකරණ වෛද්‍ යපරික්ෂණය සඳහා මෘ ත දේහය නාගොඩ රෝහල වෙත ගෙන යාමට කටයුතු කළත් කොවිඩ් අ’වදානම නිසා මල් ශාලා වලින් එවැනි ම’ළ සිරුරක් ප්‍රවාහනය කිරීමට අකමැත්ත ප්‍රකාශ කර ඇත.

වැලිපැන්න පොලිස් ස්නාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව එක් මල් ශාලාවක් එම මෘ’තදේහය ගෙන යාමට කැමැත්ත පළකර ඇත්තේ ආරක්ෂිතව එම මෘ’තදේහය වාහනයට පටවා දෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුවය.

මෘ’තදේහය පැටවීමට හෝ හදිසි ම’රණ පරික්ෂණයට ප්‍රදේශවාසීන් කිසිවෙකු උපකාරයක් නොලැබීම නිසා වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් කීප දෙනෙකු සමග සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල කීපයක් වෙනත් තැනකින් ගෙන්වා ඇඟලාගෙන
එම මෘ’ත දේහය වාහනයට පටවා දී ඇත.

මෙම කාන්තාව කිසියම් නීති වි’රෝධී ම’ත්පැ න් වර්ගයක් පානය කර මාර්ගය අසල වැටී සිට ඇති බවත් පැය ගණනාවක් යනතුරුත් කිසිවකුගේ උපකාරයක් නොමැති වීමෙන් කිසියම් රෝ’ගී තත්වයක් හේතුවෙන් එම කාන්තාව මි ය යන්නට ඇති බවත් පොලිසිය සැ’ක කරයි.

කාන්තාවක මාර්ගයේ වැ ටී සිටිය දී කිසිවෙකු උපකාර කිරීමට ඉදිරිපත් නොවීම ඉතාම ක’නගාටුදායක සිදුවීමක් බවත් කොවිඩ් අ’නතුර නිසා එවැනි තත්වයක් ඇතිවී ඇති බවත්,මෙවැනි කටයුතු සඳහා පොලිස් නිලධාරින්ට සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් හෝ උපකරණ ලබාදී නොමැති බවත්, එම නිසා මේ වන විට පොලිස් රාජකාරිය ඉතාම අ’වදානම් රාජකාරි වලින් එකක් වී ඇති බවත් පොලිස් නිලධාරියෙක් පැවසිය.

වැලිපැන්න පොලිස් ස්ථානාධිපති පොලිස්
පරික්ෂක ආනන්ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර මි ය ගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනා ගැනීමට නොහැකිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here