අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී කටපියාගෙන ඉදල පස්සෙ රට වහන්න ලියුම් ගහපු ඇමති තුන්කට්ටුවට ජනපතිගෙන් දො’ස්.

0

කොවිඩ් වසංගත තත්ත්වය ගැන මෙවර අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කළ දීර්ඝ සාකච්ඡාවේදී නිහඬව සිට පසුව රට වසා දමන ලෙස කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු හවුල්කාර පක්ෂ සමඟ එක්ව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීම මගින් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම උ’ල්ලං ඝනය කර තිබෙන බව ජනාධිපතිවරයා අදාළ අමාත්‍යවරුන් දුරකතනයෙන් අමතා පෙන්වා දී තිබේ.

මෙම චෝ’දනාව බ රපතළ බවද ඔවුන් කැබිනට් මණ්ඩලයේ සිටිමින් එවැන්නක් කිසිසේත්ම නොකළ යුතු යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා ඇත.මෙහිදී එක් අමාත්‍යවරයකු එම නිවේදනයෙන් කිසියම් ව’රදක් සිදුවන්නට ඇති බව ජනාධිපතිවරයා හමුවේ පිළිගෙන ඇතැයිද සඳහන්ය.

කෙසේ හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන මහත්වරැන් සමඟ සුහද ලෙස සාකච්ඡා කිරීමට ඔවුනට සිකුරාදා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.

එම භෝජන සංග්‍රහයට අදාළ අමාත්‍යවරුන්ට අමතරව සහභාගි වූයේ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පමණි. සිකුරාදා රාත්‍රියේ පැය 4කට ආසන්න කාලයක් තිස්සේ අරලියගහ මැඳුරේ පැවති මෙම භෝජන සංග්‍රහයේදී පැවති ප්‍රශ්න සුහද ලෙස නි’රාකරණය වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here