දේශපාලඥයින්ගේ හො’රාකෑම,කොමිස් ගැ’හිල්ල සර්ව සාධාරණය.

0

රටම තියෙනන්නෙ අ’වදානම් තැනකය…සෞඛ්‍ය පැත්තෙන් වගේම ආර්ථික පැත්තෙන්..පවතින ආර්ථික තත්වයෙන් ගොඩ ඒක සඳහා රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කරන ලෙස මේවනවිට ආණ්ඩුව පාර්ෂවයෙන් කෙරෙන ඉල්ලීමක්.

ඒ වගේම තව දුරටත් රට වසා තැබුවොත් හැමෝම කැපකිරීම් කළ යුතු බවත් ජනාධිපතිතුමා ජාතිය අමතා ප්‍රකාශ කළේය.මේ ප්‍රකාශ එක්ක රටේ මහජනතාව ඉන්නෙ ආණ්ඩුවට ප’ට්ට පතුරු යන්න බැ න බැ’නය.ආණ්ඩුවට විතරක් නෙමේ සියලුම දේශපාලඥයින්ගෙ රෙදි ගැලවෙන්න බ’නිමින් ඇත.

අපි මොකද කැපකිරීම් කරන්නෙ.උන් හො’රා කාපුව කොමිස් ග’හපුව තියෙන්නෙ.ඒවගෙන් කැපකිරීම් කරපල්ලකො.ඒ සාමාන්‍ය ජනතාවගෙ පැත්තෙන් ඇහෙන හඩය..ප්‍රශ්නය තියෙන්නෙත් එතනය.දේශපාලඥයින් ඇයි හොරා කෑවෙ..ඇයි අ යතා විදියට හම්බකරේ කියන එකය.

ඇත්තටම දේශපාලඥයින් හො’රකම් කරනවද ?කොමිස් ග’හනවද ?අ යතා විදියට හම්බ කරනවද ?ඇයි එහෙම කරන්නෙ.මේ රටේ බලය තියාගන්න බලය රැකගන්න නැවත මැතිවරණවලට මුහුණ දෙන්න සල්ලි ඕන සල්ලි..සල්ලි නැත්තන් එයා ඊලග සැරේ ගෙදරය.

ඇයි එතකොට සල්ලි ඕන වෙන්නෙ.කොහොමද සල්ලිවලින් බලය රැකගන්නෙ.ජන්ද දිනන්නෙ.ඇත්තටම ඒක අපේ රටේ ක’රුමෙ..අපේ රටේ බහුතරයක් ඉන්නෙ මහ නූ’ගත් ජන්ද දායකයො පිරිසකි.උ න් දේශපාලනය මොකක්ද කියල දන්නෙත් නෑ,දේශපාලඥයින්ගෙන් රටට වෙන්න ඕන මොකක්ද කියල දන්නෙත් නෑ..කොටින්ම කිව්වොත් තමන්ට ජන්දයක් තියෙන්නෙ ඇයි කියල දන්නෙත් නෑ…

උ න් දන්නෙ ජන්දෙ දවසට ගිහින් තමන්ට වැඩියෙන්ම සලකපු එකාට ජන්දෙ දෙන්න විතරයි.ඌ හො’රෙක්ද අ’පරාධකාරයෙක්ද කියන එක අදාලම නෑ.වැඩක් කරන්න පුලුවන්ද වැඩක් කරල තියෙනවද කියන එක අදාලත් නෑ…අපේ ජන්ද දායකයින්ට අදාල වෙන්නෙ තමන්ට වාසියක් තියෙනවද කියන එක විතරමයි.

එහෙම බලනකොට මේ දේශපාලඥයො හො’රාකන එක අ යතා විදියට හම්බකරන එක හරි.මොකද එහෙම නැත්තන් මේ රටේ දේශපාලනය කරන්න බෑ.දේශපාලඥයින්ගෙන් ජන්ද දායකයො බලාපොරොත්තු වෙන්නෙ රට හදන්නවත්,රට දියුණු කරන්නවත්,අනාගත පරපුර වෙනුවෙන් වැඩකරන්නවත් නෙමේ.අපේ උන්ට ඕන තමන්ගෙ මගුලට මළගමට,කෙල්ලගෙ කො’ටහලු මගුලට එන හලෝ මචං කියන දේශපාලඥයින්වය.අපේ මිනිස්සු සංවිධානය කරන ජහුට පොලේ ඉදල ක්‍රිකට් මැච්,සංගීත සංදර්ශන,උත්සව මේ හැම එකටම දේශපාලඥයින්ගෙන් ආධාර බලාපොරොත්තු වෙනව.

පංසල් පල්ලි කෝවිල් වලට ගියාම ඒවට ආධාර දෙන්න වෙනව.මේ හැමදේකටම සල්ලි ඕන.දිස්ත්‍රික්කයක් ආවරණය කරන්න මේ වගේ ආධාර කොච්චරනම් දෙන්න ඕනද?බැරිවෙලාවත් නොදුන්නොත් ඊලග පාර ජන්දෙ නෑ.කු ණු බැ’නුම් බැ න බැ න වෙන දේශපාලඥයෙක් ලගට යනව.අපේ මිනිස්සුන්ට ඕන ඒව.ජන්දෙ කාලෙදි කන්න බොන්න දීල අතට කීයක් හරි දෙන කෙනාට තමා වැඩිම සෙනඟ.

ඉතින් දේශපාලඥයින් හො’රකම් නොකර,අයතා විදියට හම්බ නොකර කොහොමද ජන්දදායකයව සනසන්නෙ.කොහොමද එහෙම සනසන්නෙ නැතුව ඊළඟ ජන්දෙ දිනන්නෙ.ඒක මේ රටේ දේශපාලන චක්‍රය.ඒක ක’ඩන්න ගියොත් වෙන්නෙ දේශපාලනයෙන් අතුගෑවිලා යන එක.

අපේ රටේ මාස තුනක් දේශපාලඥයින් මිනිස්සුන්ට වැදගෙන යනව.කන්න බොන්න දෙනව…මගුලට අවමගුලට සංගීත සංදර්ශනයට,ක්‍රිකට්,වොලිබෝල් මැච් එකට අනුග්‍රහය දෙනව..ඊට පස්සෙ ජන්දෙ අරගෙන යනව.අවුරුදු පහක් වියදම් වෙච්ච ඒව හොයන්න ඕන.ඉතින් වෙන වැඩක් කරන්නෙ කොහොමද ?

ඊළගට ආයෙත් ජන්දයක් එනව.ඒක දිනන්න සල්ලි ඕන.ඉතින් මේ වගේ ජන්දදායකයො පිරිසක් ඉද්දි දේශපාලඥයො කොහොම හම්බකරත් ඒක සාධාරණයි..ඉතින් රට දවසගානෙ ව’ලපල්ලට යන එකත් සාධාරණයි.ඕක චක්‍රයක්..අපි පොඩි කාලෙ ඉදලම වෙන..අනාගතෙත් නොකඩවා වෙන.

සටහන – ජයශාන් සැමුවෙල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here