කතරගම ගිය පාසල් සිසුවා ආපසු පැමිණ නැහැ – දෙමව්පියෝ කියති

0

බඩල්කුඹුර, වෙහෙරගොඩ පදිංචි මලිත් සයුරංග නැමති 18 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු ඉකුත් 15 වැනිදා කතරගම ගොස් ආපසු නොපැමිණි බවට දෙමව්පියන් විසින් බඩල්කුඹුර පොලිසියට පැ’මිණිල්ලක් සිදුකර ඇත.

මෙම තරුණයා අපොස උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන අතර, 15 වැනිදා නිවසට ත්‍රීවීල් රථයක් ගෙන්වාගෙන හෙතෙම කතරගම ගොස් ඇත. කතරගම නගරයේදී ත්‍රීවීල් රථයෙන් බැසගත් අදාළ කරුණයා ත්‍රීවීල් රථය ආපසු එවා තිබේ.

සිද්ධිය පිළිබඳව බඩල්කුඹුර පොලිසිය සහ කතරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

( කැලුම් ගුණතිලක – මොනරාගල-අරුණ පුවත්පතේ පළවූ ලිපියකි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here