ජීවත්ව සිටියදී බුකියෙන් නිවන් සුව පැතූ පසු ටික කලෙකින් යන්නම ගිය මිනිස්සු.

0

රටේ නමගිය පුද්ගලයො අ’සණීප උනාම එක පාරටම සමාජ මාධ්ය ඔස්සේ නිවන් සුව පතනව.විශේෂයෙන්ම මේ දේ සිදු වෙන්නෙ ෆේස්බුක් පේජ් වල.සමහර විට එන වැරදි තොරතුරක් අනුව කුමක් හෝ එක් ෆේස්බුක් පිටුවක අදාල පුද්ගලයා මි’ය ගොස් ඇති බවට පෝස්ටුවක් පල වූ විට ඉතා ඉක්මනින්ම අනෙකුත් ෆේස්බුක් පිටු තුළ එම පෝස්ටු ශෙයාර් වෙන්න ගන්නව.

හොයන්නෙ බලන්නෙ නැතුව මුලු බුකියම අර පණ පිටින් ඉන්න මනුස්සයට නිවන් සුව පතනව..හරියට බැලුවොත් ජීවත්වෙලා ඉද්දි නිවන් සුව පතන එකේ වරදක් නෑ.හැබැයි මෙතන නිවන් සුව පතන්නෙ මි’ය ගිය බවට තොරතුරු ප්රචාරය කරමින්.

එතනදි ඒ පුද්ගලයා සහ ඔහුගේ හිතවතුන්ට කොයිතරම් මානසික පී’ඩනයක් ඇතිවෙනව ඇද්ද?බොහෝ ෆේස්බුක් පිටු මෙලෙස ඉකමනින් නිවන් සුව පතන්නේ ලයික් හා ශෙයාර් වෙනුවෙනි..එහෙත් ඉන් අන්න්යන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව සිතන්නේනම් එලෙස සිදු නොකරනවා ඇත.

මෑතකදී මෙලෙස මි’යදෙන්න කලින් නිවන් සුව පැතූ කිහිප දෙනෙක් මතකයට නැගේ…මේ ඔවුන් ය.

ජනප්රිය ගායන ශිල්පී ප්රින්ස් උදය ප්රියන්ත මහතාට කිහිප විටක්ම බුකියෙන් නිවන් සුව පැතුවේය..ඉන් ටික කලකට පසු ඔහු යන්නම ගියේය.

Help To pay Hospital bill of Prince Udaya Priyantha | Gossip Lanka Hot News - Sri Lanka Latest Breaking News

ප්රවීණ රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නයන්ද ජීවත්ව සිටියදීම බුකියෙන් එ’ලොව යැව්වේය..ඔහුත් ටික කලෙකින් යන්නම ගියේ ලාංකේය කලාකාමීන්ට මහත් වූ වේ’දනාවක් ඉතිරි කරමින් ය.

Jayalath Manorathna passes away - Gossip Lanka News [English]

තවත් ප්රවීණ රංගධරයෙකු වූ ජයලාල් රෝහණ මහතාද ජීවතුන් අතර සිටියදීම නිවන් සුව පැතුවේය.එහිදීද ඔහුට ජීවත්වෙන්නට ඉඩ ලැබුනේ ටික කාලයකි.

Veteran actor Jayalal Rohana passes away | ONLANKA News - Sri Lanka

ආසන්නතමයා මංගල සමරවීරය.ශ්රී ලාංකේය දේශපාලනයේ නොමැකෙන මතකයන් රාශියකට හිමිකම් කියූ කෘතහස්ත දේශපාලඥයකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් ආසාදිතව ප්ර’තිකාර ලබමින් සිටියදී බුකිය පුරා ඔහුට නිවන් සුව පතමින් පෝස්ට් ශෙයා වන්නට විය.

Sri Lankan politicians, foreign leaders pay tribute to Mangala Samaraweera

දේශපාලඥයින්ට මිනිසුන් වෛ’ර කරත් මංගලට අතිවිශාල පිරිසක් ඉන් දින කිහිපයකට පසු ඇත්තටම නිවන් සුව පැතුවේ ඔහුගේ හදිසි වි’යෝව දෙස් විදෙස් බොහෝ දෙනෙකු හදවතින් හැ’ඩවූ නිසාවෙනි.

ඉතින් යළි ජීවත්ව සිටින්වුන් ම’රා නොදමන්න…මත වදා කෙසේවූවත් එය සදාචාරසම්පන්න නොමැති නිසාවෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here