කොන්ක්‍රීට් කණුවකට යට වී 10 හැවිරිදි දරුවෙකුට දිවි අහිමිවෙයි.

0

නිවසක ඉදිරිපස ‘වැරැණ්ඩාව’ ඉදිකිරීමට සිටුවා තිබූ කොන්ක්‍රීට් කණු දෙකක සාරියක් ගැටගසා ඔංචිලි පදිමින් සිටියදී හදිසියේම එක් කොන්ක්‍රීට් කණුවක් ගැලවී පෙ’රළී ඊට ය’ටවී දස හැවිරිදි පාසල් සිසුවකු පසුගියදා එම ස්ථානයේදීම මි ය ගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කීවේය.

බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ  දරුවකු මෙසේ ම’රණයට පත්ව ඇත.ඔහු බුලත්සිංහල, ඈගල්ඔය, රාජාලි මානාන ප්‍රදේශයේ දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක බාල දරුවාය.

ඒ පිළිබඳ හදිසි ම’රණ පරීක්ෂණය බුලත්සිංහල හදිසි ම’රණ පරීක්ෂක චිරාත් භාරත බුලත්සිංහල රෝහලේදී සිදුක‍ළේය. වැඩිදුර පරීක්ෂණ සඳහා ම’ළසිරුර හොරණ මූලික රෝහල වෙත යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here