කොවිඩ් වැලදී සෙල්ලම් කරමින් සිටියදී දැරියක් හදිස්සියේ ඇද වැ ටී මි ය යයි.

0

නිවෙසේ සෙල්ලම් කරමින් සිටියදී හිටි හැටියේ ඇද වැ’ටී ම’රණයට පත් වී ඇති බළන්ගොඩ, මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3ක් වයසැති කුඩා දැරියකට කොවිඩ් වැළඳී ඇති බව හෙළිවී තිබෙනවා.

මෙසේ මි ය ගිය වික්නේෂ්වරන් චාරුක්ෂා නමැති ගැහැනු දරුවාගේ ම’රණය සම්බන්ධයෙන් පැවැති ම’රණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේදී පැවති අතර එහිදී සාක්ෂි දුන් මෙම දරුවාගේ පියා වූ පෙරුමාල් වානිස්සි නමැති අය මෙසේ සඳහන් කළා.

“සිද්ධිය වූ දින දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. හිටි හැටියේම දරුවා ඇද වැ’ටුණා. දරුවා ළඟට ගොස් ඔසවාගෙන කතා කළත් කතා කළේ නැහැ. බෙල්ල පැත්තකට හැරී තිබුණා. කටින් සෙම ටිකක් ආවා. මම හිතුවා ළමයාට පි’ට් එක හැදිලා කියලා. ළඟම තිබෙන මාරතැන්න රෝහලට රැගෙන ගියා. එහිදී දරුවා මි ය ගොස් ඇතැයි වෛද්‍යවරුන් පැවැසුවා.”

මේ පිළිබඳ පශ්චාත් ම’රණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එච්.කේ.ආර්. සංජීව මහතා විසින් සිදුකර ඇති අතර මෙය කොවිඩ් රෝගය වැලඳීමෙන් සිදු වූ ම’රණයක් බවට තහවුරු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here