වැටෙන් පන්නා 18 අඩු අයට එන්නත් ගැසූ දෙදෙනෙකුට ස්ථාන මාරු

0

හලාවත, කොකොවිල රජයේ විද්‍යාලයෙන් වාර්තා වුණු වයස අවුරුදු 18ට අඩු දරුවෙකුට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ සිද්ධියට සම්බන්ධ
වෛද්‍යවරයෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා
නිලධාරිනියක වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, සිද්ධිය
සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඔවුන් දෙදෙනා පුත්තලම මූලික රෝහල වෙත ස්ථාන
මාරු කර ඇති බවය.

අදාළ වෛද්‍යවරයා එන්නත ලබා ගත් දරුවාගේ පියා බව දනියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.ඇය ප්‍රකාශ කළේ, මේ වන විට එන්නත ලබා ගත් දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවය.

වයස අවුරුදු 18ට අඩු දරුවෙකුට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ සිද්ධියක් හලාවත,කොත්තාවිල රජයේවිද්‍යාලයෙන් වාර්තා විය.

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here