වයස්ගත අයට සයිනොෆාම් බලය අඩුයි – මහාචාර්ය නීලිකා මලවිගේ.

0

බහරේනයේ සිදු කළ අධ්‍යයනයකින් ලද දත්ත වලට අනුව කොවිඩ් ආසාදිත වයස්ගත අය සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ ඇත්තේ අඩු ඵලදායිත්වයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ සයිනොෆාම් එන්නත ලබාගැනීමෙන් අනතුරුව කොවිඩ් -19 වයිරසය ආසාදනයවී ම’රණයට පත් වූ පුද්ගලයන්ගේ ප්‍රතිශතය 0.46% ක්(ම’රණ 112ක්) බවයි. ඊට සාපේක්ෂව ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයන් ම’රණයට පත්ව ඇත්තේ 0.15%ක්,එනම් ම’රණ තුනක් බවත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ ම’රණ සංඛ්‍යාව 0.03%ක් (ම’රණ 1) බවත් මහාචාර්යවරිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඩෙල්ටා ප්‍රභේදය බලවත් වීමට පෙර සහ එන්නත් නොකළ පුද්ගලයින් හා සසඳන විට දැනට ලබාදෙන සියලුම එන්නත් වල ප්‍රතිඵලවලට අනුව කොවිඩ්-19 වයිරසයෙන් ආසාදනවීම්, රෝහල් ගත කිරීම්, දැ ඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම් සහ ම’රණ පැහැදිලිවම අඩුව ඇතැයි අදාළ පර්‌යේෂණයේ ප්‍රතිඵල ඔස්සේ අනාවරණය වන බවද මහාචාර්ය මලවිගේ පෙන්වාදෙයි.

ෆයිසර් එන්නත හා සැසඳීමේදී සයිනොෆාම් එන්නත ලබාගත් වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන්ගේ පශ්චාත් එන්නත් ආසාදන, රෝහල් ගතවීම්, දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කිරීම් සහ ම’රණ වල පැහැදිලි වර්ධනයක් පවතින බවද අදාළ පර්‌යේෂණ වාර්තාව උපුටා දක්වමින් මහාචාර්ය පවසයි.

( නයන තරංග ගමගේ – අරුණ පුවත්පත )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here