කොවිඩ් හැදී සුව වී සිටි උසස්පෙළ සිසුවා නිදි ඇඳේම මි’ය ගිහින්.

0

කොවිඩ් ආසාදිතව දින 14ක නිරෝධායන කාලය ද අවසන් කළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවකු
පෙරේදා (25) රාත්‍රියේ නිදි ඇඳේම මි’යගොස් ඇතැය මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ අධ්‍යපනය ලබන මෙම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදානමින් සිට ඇත.

ඔහු පෙරේදා (25) රාත්‍රී නින්දට ගිය පසු නිදි ඇඳේදීම මි’යගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිසුවා සහ ඔහුගේ පවුලේ සියලු දෙනා මීට දෙසතියකට පමණ පෙර කොවිඩ් ආසාදිතයන් බවත තහවුරු වීම නිසා නිවස තුළම නිරෝධායනයට ලක්වී ඇති අතර ඔවුන්ගේ නිරෝධායන කාලය ද ඉකුත් 23 වැනිදායින් අවසන්ව ඇත.

ඔවුන් සියලු දෙනා පෙරේදා (25) රාත්‍රී ආහාර ගෙන නින්දට ගොස් ඇති අතර මෙම සිසුවා සමඟ එකම ඇදේ නිදාගන්නා ඔහුගේ පියා ඊයේ (26) අලුයම 2.00ට පමණ සිසුවාගේ සිරුර අත ගා බැලීමේදී සිරුර සීතලව තිබූ නිසා මිනුවන්ගොඩ රෝහලේ වෛද්‍යවරයකු නිවෙසට කැඳවා ඇතැයි වාර්තා වේ.

සිසුවා ඒ වනවිටත් මි’ය ගොස් පැය තුනක පමණ කාලයක් ගත වී තිබී ඇතැයි තහවුරු වී ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන ක්‍රමවේදය අනුව ඊයේ (26) සිදුකිරීමට නියමිතව තිබිණි.

( ලංකාදීප දෙවනපොළ කීර්ති ප්‍රනාන්දු විසින් )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here