අම්ම දාල ගිහිල්ල,තාත්ත බන්ධනාගාරෙ..ආච්චිගේ හැට හැවිරිදි අ’නියම් සැමියාගෙන් මිනිපිරියට අ’තවර

0

මව අතහැර ගොස් පියා බන්ධනාගාරගතව ආච්චිඅම්මා භාරයේ සිටි අවුරුදු 15 යි මාස 09ක් වයසැති බාල ව’යස්කාර දැරියට අ’තවර කළ ආච්චිඅම්මාගේ 60 හැවිරිදි අ’නියම් සැමියාව ලබන 02 වැනිදා දක්වා රි’මාන්ඞ් භාරයේ තබන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත‍්‍රාත් ආර්. එස්. එම්. මහේන්‍ද්‍රරාජා මහතා 25 වැනිදා නියම කළේය.

වැලිවේරිය රතුපස්වල පදිංචිකරුවෙක් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණ.

අච්චාරු වෙළෙඳාමේ නිරතවන ආච්චි නිවසින් බැහැරව සිටින අවස්ථාවේ අ’රක්කු රැගෙන නිවසට පැමිණ ඇති සැ’කකරු දැරියට බලෙන් අ’ර ක්කු පොවා අ’තවර සිදුකර ඇති බවත්, ඉකුත් පෙබරවාරි මාසයේ පටන් සැ’කකරු දැරිය බි’ය ගන්වා මෙසේ අ’තවර සිදුකර ඇති බවට පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි වැලිවේරිය පොලිසියේ උප පො. ප. ජයලත් මහතා පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණය හමුවේ පැවසීය.

වි’න්දිත දැරිය විවාහ වී සිටින තම සොහොයුරියට සිද්ධිය පැවසීමෙන් පසු සිද්ධිය අනාවරණය වී ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here