ලංකා ඉතිහාසයේ සිදුවූ ද’රුණුතම බස්රථ අ’නතුර වූ යාංගල්මෝදර ඛේ’දවාචකය සිදුවී වසර 16 යි.

0

ලංකා ඉතිහාසයේ සිදුවූ ද’රුණුතම බස්රථ අ’නතුර වූ යාංගල්මෝදර ඛේ’දවාචකය සිදුවී වසර 16 යි..අ’නතුරෙන් ජීවිත අහිමි වූ සියලුම දෙනාට නිවන් සුව අත්වේවා…!

වලකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතර ,කුරුණෑගල – කොළඹ මහා මාර්ගයේ පිහිටි යාංගල්මෝදර දුම්රිය හරස්‌ මාර්ගයේ දී පුද්ගලයන් 41 දෙනකු ජී’විතක්‌ෂයට පත් කර , තවත් 35 දෙනකු බ’රපතළ තුවාල ලැබූ , ලක් ඉතිහාසයේ බි’හිසුනු ම දුම්රිය – බස්‌ රථ අ’නතුර ට අප්රේල් මස 27 වැනි දා ට වසර 16 ක්‌ සපිරිණි.

උදේ 7.00 ට කොටුවෙන් ගමන් ආරම්භ කරන මහනුවර නගරාන්තර ශීඝ්රගාමී දුම්රිය , යාංගල්මෝදර පසු කරන්නේ උදෑසන 8.10 ට පමණ ය. 2005 අප්රේල් මස 27 වන දින උදෑසන අටයි දහයට පමණ දුම්රිය යාංගල්මෝදර දුම්රිය හරස් මග පසු කිරීමට පැමිණෙද්දී , දුම්රිය ගේට්ටුව වසා තිබී ඇත.

එම අවස්ථාවේ දී බසයේ කොන්දොස්තර වරයා බසයෙන් බැස දුම්රිය හරස් මාර්ගයට ගොස් රේල් පාර දෙස විපරම් කොට , බස් රථය ඉදිරියට පදවන ලෙස රියදුරාට අතින් සංඥා කර තිබේ. එම සංඥාව ට අනුව රියදුරා බස් රථය ඉදිරියට ධාවනය කරවද්දී , අසල සිටි පුද්ගලයෙක් “කෝච්චිය එනවා…..දාන්න එපා…..! ” යැයි කෑ ග සා ඇති නමුත් , රියදුරා බස් රථය ඉදිරියට ධාවනය කරවා තිබේ.

එම අවස්ථාවේ දුම්රියේ බස් රථය ගැ’ටුණ බව සා’ක්කි වලින් අනාවරණය විය.අ’නතුරට පත් , අංක M6 786 දරන දුම්රිය එන්ජිම (මෙම එන්ජිම ඉතා හොඳින් , දැනට ධාවනයේ යොදවා ඇත.)අ’නතුරට පත් අංක NW-HT 2520 දරන , ගල්කිරියාගම – කොළඹ බස් රථය (SILVA TRAVELS) අ’නතුර සම්බන්ධයෙන් ව’රදකරුවන් වූ , මෙම බස් රථයේ රියදුරු අබ්දුල් වහීඩ් හෆ්රූල් ට සහ කොන්දොස්තර එම්.ජී. බුද්ධික රුවන් කුමාර ට කුරුණෑගල මහාධිකරණය 2013 අප්රේල් මස 5 දින ම’ර ණ ද’ඩුවම නියම කළා.

අනාගතයේ කිසිම දිනක තවත් මෙවන් අ’නතුරක් නොවේවායි පතමු.

May be an image of 1 person and outdoors

May be an image of 1 person and outdoors

May be an image of 1 person, train and outdoors

May be an image of outdoors

May be an image of car and outdoors

May be an image of car and outdoors

May be an image of outdoors and text

May be an image of outdoors

May be an image of outdoors

May be an image of outdoors

May be an image of outdoors, monument and text that says 'SRI LANKAN BUSES'

May be an image of outdoors and monument

May be an image of monument and outdoors

May be an image of text

උපුටාගැනීම Srilanka busses පිටුවෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here