මාධ්‍යට අදහස් දැක්වූ ජයරුවන් බණ්ඩාර CID යට…විනය පරීක්ෂණයකුත් සූදානම්!

0

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI)නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට හෙට (31) උදෑසන අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබේ.

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම, එම පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධයෙන් ඇති බ’රපතල ගැ’ටළු මෙන්ම ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුළ සිදුවන වංචා හා දූ’ෂණ සහ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය වි’නාශ වීම සම්බන්ධයෙන් ඔහු යූ ටියුබ් නාලිකාවකට දැක්වූ අදහස් හේතුවක් මෙම කැඳවීම කර ඇතැයි ද විශ්වාස කෙරෙයි.

මීට අමතරව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඊට අනුබද්ධ රජයේ ආයතනවල මෙන් ම සෞඛ්‍යයට සම්බන්ධ පෞද්ගලික ආයතනවල දූ’ෂණ වංචා සහ අ’ක්‍රමිකතා හෙළි කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපතිධූරයට ද නාමයෝජනා භාර දී තිබුණි.

කෙසේනමුත් එම සංගමයේ නාම යෝජනා කමිටුව විසින් ඔහුගේ නාම යෝජනව ප්‍රතික්ෂේප කෙරුණු අතර එයට විරෝධය දක්වා ජයරුවන් බණ්ඩාර මහතා අධිිකරණයේ පිහිට පැතූ අතර අධිකරණයේ නියෝගය වූයේ ඔහුගේ නාමයෝජනා භාරගෙන ස්වාධීන කමිටුවක‍ මෙහෙයවීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පැවැත්විය යුතු බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here