කොවිඩ් ආසාදිත වූ දරුවන්ට වැ’ළඳෙන තවත් රෝගයක්.

0

කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැ’ළඳෙන එම්.අයි.එස්. – සී නැමැති රෝගී තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැ ඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි එම රෝහලේ දැ ඩි සත්කාර ඒකකය භාර විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පැවසීය.

එම රෝගය වැ’ළඳුනු දරුවන් හතළිස් පස් දෙනකු පමණ මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන් දරුවන් හතර දෙනකු දැ ඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙම රෝගී තත්ත්වය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වන බවත් දරුවන්ට සති දෙකත් හයත් අතර කාලයකින් පසුව මෙම රෝගී තත්ත්වය වැ’ළඳෙන බවත් විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පැවසීය.

දරුවාගේ ඇඟේ ප්‍රතිදේහ වෙනත් අවයවවලට බලපෑම් කිරීම මෙම තත්ත්වය වන බවත් හදවතට බලපෑම් කිරීම වඩාත් භ’යානක විය හැකි බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here