ඇ’ඳිරියට නිවෙස්වල කොටුවීමෙන් පවුල් ආ’රවුල් හා ගැ’ටුම් වැඩිවෙලා…සැමියන්ගෙන් ගු’ටි කෑ බිරියන් 30 ක්

0

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට පනවා ඇති නිරෝධායන ඇ’ඳිරිනීතිය හේතුවෙන් ගතවූ දින 10 තුළ (අගෝස්තු 21 සිට අගෝස්තු 31 වැනිදා දක්වා) නිවෙස් තුළ සිදුවූ පවුල් ආ’රවුල් හා බී මත් පුද්ගලයන් අතරේ ඇතිවූ ගැ’ටුම් හේතුවෙන් පුද්ගලයන් 150 කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහලේ හදිසි අ’නතුරු අංශයට ඇතුළත් කර ඇතැයි එම රෝහල් ප‍්‍රකාශිකාවක් ‘‘දිවයින’’ට පැවසුවාය.

රෝහල්ගත කළ අය අතර, සැමියන්ගේ ප’හරකෑමට ලක්වූ බිරින්දෑවරුන්ද 30 දෙනකු වන බවද ඇය සඳහන් කළාය.

අනෙක් පිරිමි පුද්ගලයන් අසල්වැසි පිරිමි පුද්ගලයන් සම`ග ම’ත්පැ න් පානය කර ඇතිවූ බ හිස්බස්වීම් දුරදිග යෑමෙන් පසු ඇතිවූ ගැ’ටුම් හේතුවෙන් තු’වාල ලබා රෝහල්ගත කළ අය බවද ඇය කියා සිටියාය.

මීට අමතරව ගතවූ දින 10 තුළ නිවසේදී සිදුවූ වැ’ටීම්වලින් පි’ලිස්සී ම්වලින් පුද්ගලයන් 100 දෙනකු පමණ හදිසි අ’නතුරු අංශයට ඇතුළත් කර ඇතැයි ද ඈ පැවසුවාය.

රෝහල්ගත කළ සියලූ දෙනා කොළඹ සහ ඒ අවට පදිංචි අවුරුදු 23 ත් 70 ත් අතර වයසේ පසුවන්නන් බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here