ගුරුතුමා කොවිඩ්වලින් මි’යගිය බවට ෆේස්බුක් දාල..ගෝලයො යද්දි ගේ අතුගානවලු.

0

හලාවත ප්‍රදේශයේ විශ්‍රාමික ගණිත ආචාර්යවරයෙක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මි ය ගොස් ඇති බවට මුහුණු පොතේ තිබෙනවා දුටු ඔහු ගෙන් ඉගෙනගත් ගෝලයින් කිහිප දෙනෙකු එක් ඒ ගැන විපරම් කර බැලීමට එම නිවසට ගිය අවස්ථාවේ දී ඔහු ජීවතුන් අතර සිටින අයුරු දැක ගැන්මට ලැබීමේ සිද්ධියක් වාර්තා වේ.

මෙම විශ්‍රාමික ගුරුවරයාගේ නිවසේ ගේට්ටුවෙ මෙය නිරෝදායනය වන පුද්ගලයින් රැඳී සිටින පරිශ්‍රයකි යනුවෙන් සඳහන් බෝඩ් එකක් ග සා තිබී ඇත.

මේ හේතුව නිසා ගෝල පිරිස ඈත සිට නිවෙස දෙස බලමින් විපරම් කරමින් සිටියදී මි ය ගියා යැයි මුහුණු පොතේ පළ වී තිබූ විශ්‍රාමික ගුරු මහතා කොස්සකින් නිවසේ ඉදිරිපස අතුගාමින් සිටින අයුරු දැක හිමින් සීරුවෙ එතැනින් ඉවත්ව පැමිණ ඇති බව කියති.

මෙම විශ්‍රාමික ගුරුවරයා කොවිඩ් වෛරසය ආසාදනය වී මි’යගොස් ඇති බවට මුහුණු පොතේ පළ වී තිබෙනවා දුටු ඔහුගෙන් ගණිතය විෂය ඉගෙනගත් සැලකිය යුතු ගෝලයින් පිරිසක් ඒ ගැන බලවත් ක’නගාටුව ප්‍රකාශ කරමින් මුහුණු පොතේ සටහන් යොදා තිබුණු බවද කියති.

මුහුණ පොතේ පළ වී තිබූ මෙය දැක ඒ ගැන විපරම් කර බැලීමට ගිය ඔහුගේ එම ගෝලයින් කිහිපදෙනා ජීවතුන් අතර ඉන්නවා අපි සර් දැක්කා යනුවෙන් පසුව මුහුණු පොතේ සටහනක් යොදා ඇත.

තමා මි’යගිය පසු ගෝලයින් දක්වන උපහාරය හා කෘතවේදීත්වයේ ජීවතුන් අතර සිටියදීම දැක ගැනීමට ලැබීම ලොකු භාග්‍යයක් කොට සලකන බව විශ්‍රාමික ගුරුවරයා ඔහුගේ සමීපතමයන් සමඟ පවසා ඇති බවද දැන ගැනීමට ඇත.

විශ්‍රාමික ගුරුවරයා මි ය ගිය පුවත මුහුණු පොතේ පළ වී තිබෙන දුටු තවත් විශාල පිරිසක් දුරකථනයෙන් එම නිවසට කතා කර මෙම සහ ඇති බවද කියති.

උපුටාගැනීම – ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය – ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here