පහන්තුඩා ඇල්ලේ වීඩියෝව දාල තියෙන්නෙ කාන්තාවක්

0

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල සංසරණය වෙන රත්නපුරේ පහන්තුඩා ඇල්ල අසල තරුණ යුවලක් ලිං ගිකව හැසිරෙන ආකාරය දැක්වෙන රූප පෙළක් හා වීඩියෝ පටයක් සම්බන්ධයෙන් අ’පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

මෙම නි’රුවත් ඡායාරූප හා වීඩියෝ පටය අන්තර්ජාලයට යොමු කළ අය කවුරුන්දැයි සොයා ගැනීම සඳහා පරිගණක අ’පරාධ කොට්ඨාසයේද අවධානය මේ වනවිටත් යොමු වී ඇති බව දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් රත්නපුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි එන්.ඩී.ටී වීරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳව තමන්වද දැනුවත් කර ඇති බවයි.

මෙම වීඩියෝපට හා නිරුවත් ඡායාරූප කාන්තාවක් සතු සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් හරහා අන්තර්ජාලයට යොමු කර ඇති බැව් දිස්වෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here