මේව බලන්න යන්නෙ පරිස්සමට..වසරකට වරක් බි’ල්ලක් ගන්නා දියඇලි මෙන්න.

0

දියඇලි යනු බොහෝ පිරිස් ප්‍රිය කරන සොඳුරු දසුනකි. කන්දක් උඩ සිට සුදු පෙණ කැටි මවමින් සුදු දිය බිඳිති වළාකුලක් සේ පරිසරයම වෙලාගෙන ඇද හැලෙන විට නැවුම් සිතිවිලි පහළ වෙයි.

මේ ​සොඳුරු දියඇලි ඇතැම් විට රු’දුරුය.බොහෝ දියඇලි වාර්ෂිකව මිනිස් බිලි ඉල්ලන බව බොහෝ පිරිස් විශ්වාස කරති. විශ්වාස කරනා සේම එම දියඇලිවලින් පහළට ඇද වැටී ඒවායේ වළවල්වල ගිලී මි’යගිය පිරිසද බොහෝය.

ශ්‍රී ලංකාවේ සුන්දරම දියඇල්ල ලෙස බොහෝ දෙනා ප්‍රිය කරන දුන්හිඳ ඇල්ලටත් එම විශේෂය පොදුය. අප නරඹන්නට ගිය බො​හෝ අවස්ථාවල බොහෝ පිරිස් කීවේ කොයිතරම් සුන්දර වුවත් අවුරුද්දකට බි’ල්ලක් ගැනීම වරදින්නේ නැති බවය.

අඩි 190ක් උසැති දිය ඇල්ලක් සේ මේ ගලා හැලෙන්නේ බදුලු ඔයයි. බදුලු ඔය හැදෙන්නේ නමුනුකුළ කඳු මුදුනින් එන ජලයත්, දෝව පන්සල ළඟින් එන ජල පහරත් එක්වීමෙනි.

කාලයකට ඉහත දුන්හිඳ ඇල්ලේ ප්‍රවේශ පත්‍ර කාර්යාලය අසලදී අපට හමුවූ විජේදාස වික්‍රමරත්න මහතා පැවැසුවේ වාර්ෂිකව බිලි ගන්නා කතාව මිථ්‍යාවක් බවය.

“අපි ඒ බව ඔප්පු කරන්නයි උත්සාහ කරන්නෙ. ඒ නිසා අ’නතුරු සහිත ස්ථාන සොයා පිළිසකර කරනවා.” ඔහු හමුවූ එම අවුරුද්දේ කිසිදු බි’ලිගැනීමක් සිදු නොවූ බව එදා විජේරත්න මහතා පැවසීය. ඊට පසුව කෙසේ වුණාදැයි නොදනිමු.

එහෙත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අසුපිනි ඇල්ලේ කතාව ඊට බොහෝසේ වෙනස්ය.අසුපිනි ඇල්ල පිහිටා ඇත්තේ කෑගල්ලේ අරණායක රුක්ෂාවේය. අසුපිනි ඇල්ල බොහෝ සෙයින්ම ගු’ප්ත ස්වභාවයක් දනවයි.

“මේ ඇල්ලේ අවුරුදු පතාම බි’ල්ලක් ගන්නවා. බිලිගන්න කාලෙ ළං වෙනකොට ඇල්ල ගොරවනවා” එහිදී හමුවූ එක් ගැමියකු එසේ අප හා පවසද්දී ඇල්ලේ ගුප්ත භාවය පමණක් නොව කිසියම් බි’යකරු බවක්ද සිතට ඇතුළු කළේය.

ඊට සති කිහිපයකට පෙර ඇල්ලට වැටී මි’යගිය තරුණයකුගේ සිරුර හමුවී ඇත්තේ දින හයකට පමණ පසුව බවත් ඒ සිද්ධියට ආසන්න කාලයේදී ඇල්ලෙන් බි’යකරු වි’ලාපයක් නැගුණු බවත් ඔහු කීවේය.

බි’ළිගන්නා කාලයට ඇල්ල ගොරවන බවත් බි’යකරු වි’ලාපයක් නගන බවත් අප ඇසුවේ අසුපිනි ඇල්ලේදී ප්‍රථම වතාවටය.

බොහෝ දියඇලි සොයාගිය ගමන්වලදී මේ බි’ළිගැනීමේ කතාව නිතර ඇසූ නිසා පසුව එය සඳහන් කිරීම මම මග හැරියෙමි.මේ හැරුණු විට අසුපිනි ඇල්ලේදී ඇසුණු තවත් කතාවක් නම් කඩුක්කන් පැලඳි ආඳෙකු මෙහි ඉන්නා බවය. රත්තරන් පැලඳි ආඳාගේ කතාවද බොහෝ දියඇලිවල ජනප්‍රවාද හා ගෙතුණකි. ඇතැම් දියඇලිවලින් රත්තරන් සෙම්බුවක් මතුවීමේ කතාව නිතර අසන්නට ලැබෙන්නකි.

“වයිකුණ්ඩල සදිසි ඇල්පිටි කන්ද ගල – බලන්ගමු කන්ද කරගල රනල ගල
රන් ආඳා ලගින මින්කද කියන වළ – ඇසුපිනි ඇල්ල වැටුණයි ගම මැදින් බෙරවිල”

අසුපිනි ඇල්ල ප්‍රදේශයේ බොහෝ දෙනාට මේ කවිය පාඩම් බව කියැවේ.කරාපිටිය ​රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසන්නේ බො​හෝ විටක මෙවැනි අ’ද්භූත කතා බි ය, හුදෙකලාව හා ආතතිය නිසා ගොඩ නැගෙන බවයි.

“දියඇලිවල වතුර වැඩි කාලයට තමා බොහෝ දෙනා ඒවා බලන්න එන්නෙ. වතුර වැඩි නිසාම ජලයද වළවල්වලට වැටෙනකොට සද්දයක් එනවා. ඒක​ භෞතික කාරණයක්. එතකොට ඔය එන ශබ්දය කෙනකුට විලාපයක් ගෙරවිල්ලක් සේ ඇසෙන්න පුළුවන්.

දියඇලි, වැව් ආදිය පිහිටලා තියෙන්නේ කැළෑවල්වල පාළු තැන්වල. ඒවායේ මිනිසුන් ගැවසීම අඩුයි. මේ අ’ද්භූත භාවය නිසා නොයෙකුත් මිථ්‍යා මත පැතිරෙනවා. ආතතියෙන් ඉන්න කෙනකුට ඒක වැඩිය දැනෙන්න පුළුවන්. බය සහ හුදෙකලාව නිසාත් මේ වගේ දේවල් ඇහෙන්න දකින්න පුළුවන්.

“වතුර වැඩි කාලයේ බොහෝ දෙනෙක් පැමිණීමෙන් අ’නතුරු සිදුවීම සාමාන්‍ය කාරණයක්.” ඔහු කියයි.අසුපිනි ඇල්ලේ උල්පත ඇත්තේ රුක්ෂාවේ බව කියවේ (කන්දකි).රුක්ෂාවේ සිටි රුක්ෂාධිපති රාවණා රජුගේ හස්ති රාජයා ඇල්ල පාමුල ගල ඉදිරුනවල නම් ස්ථානයේදී ගලට අසුවී යටවීම නිසා රාවණා ඇල්ල නම් වූ බවත් අදටත් එම ඇතාගේ දළ දෙක එම වළේ ඇති බවත් වතුර අඩු කාලයකට ඇතාගේ රන් දම්වැලේ හඬ ඇසෙන බවත් තවත් ජනප්‍රවාදයකි.

මේ ජනප්‍රවාද අනුව අසුපිණි ඇල්ල යනු රාවණා ඇල්ලයි. අසුපිනි ඇල්ල යනු අරණායක සිට එද්දී හමුවන දෙයියන්දල හරහා ගලා හැලෙන දිය දහරක් බව තවත් මතයකි.කෙසේ වුවද අසුපිනි ඇල්ල යනුවෙන් මේ ගලා හැලෙන්නේ මහ ඔයයි.

රාවණා හා සම්බන්ධ වූ දියඇලි තවත් කීපයක්ම කඳුකරයේ දැකගත හැකිය.එයින් ඉතාම ප්‍රකට වූ රාවණා ඇල්ල, ඇල්ල-වැල්ලවාය මාර්ගයේ පිහිටා ඇත. එය අඩි 82ක් උසැති මාර්ගය අසලම පිහිටි සුන්දර දිය ඇල්ලක්.

රාවණා රජු සීතා දේවිය පැ’හැරගෙන විත් මේ ඇල්ල කිට්ටුව ගල් ලෙනක සඟවා තිබූ බව කියැවෙයි. එහෙත් තවත් මතයක් වන්නේ වර්තමානයේ රාවණා ඇල්ල නමින් ප්‍රකට දියඇල්ල නියම රාවණා ඇල්ල නොව ඒ කිට්ටුව පිහිටා ඇති වෙනත් ඇල්ලක් බවයි. එය රාවණා ගුහාව කිට්ටුවම පිහිටා ඇති ඇල්ලකි. සැබෑ රාවණා ඇල්ල ලෙස හැඳින්වෙන ඇල්ල පිහිටා ඇත්තේද රාවණා ගුහාවට වඩාත් කිට්ටුවෙනි. ඒ හැරුණු විට රාවණා සම්බන්ධ තවත් ඇල්ලක් වන්නේ රවන් ඇල්ලයි.

වැලිමඩින් උඩුනුවරට පැමිණ එතැනින් ඇල දිගේ යන මාර්ගයක ගිය විට රවන් ඇල්ල දැකගත හැකිය.රාවණා රජු නිතර මේ ඇල්ලට ආ ගිය නිසා මේ නම ලැබී තිබෙන බව ජනප්‍රවාදයයි. මේ කිට්ටුවෙන්ම ස්ත්‍රීපුර කන්ද පිහිටා ඇති නිසා බො​හෝ දෙනා පවසන්නේ රාවණා සීතා පැහැරගෙන ​අවුත් ස්ත්‍රීපුර කන්දේ ගල් ගුහාවක සඟවා ගෙන සිටි බවයි.

එහෙත් අසුපිනි ඇල්ල හා සම්බන්ධ රජු එම රාවණා රජුම දැයි ජනප්‍රවාදයේ පැහැදිලි සඳහනක් සොයා ගැනීම අපහසුය. එය වෙන්නත් පුළුවන. නොවන්නත් පුළුවන.මේ හැරුණු විට මෙහි ඇති ගල් ගුහාවක කතාව වලගම්බා රජු හා සම්බන්ධය. වළගම්බා රජු රාජ්‍යත්වය හැර දමා සතුරන්ට බියේ දඹුල්ල, මාතලේ, බලන, කඩුගන්නාව හරහා පැමිණ මහ ඔය මිණිකඳවල ඉස්මත්තේ ගල්තලාවක සිටියදී දියඇල්ලට යටින් උමගක් දැක ඇත. රජු තල් අත්තක් රැගෙන එතුළින් ගොස් විශාල ගල් ලෙනකට ඇතුළු වී එහි පදිංචි වී යු’ද්ධය සඳහා සේනා රැස්කර ඇත. ඉන්පසුව ඇතැමුන් වළගම්මා රජු හා සම්බන්ධ කර විශ්වාස කරන කතාව තවත් කෙනකු පවසන්නේ රජ කෙනකුගේ නමක් නැතිවය.රජු යු’ද්ධයට යාමට පෙර කුමාරිකාවන් තිස්දෙනා කැඳවා මම දිනුවොත් මුරකරුවො නිල් කොඩිය ඔසවනවා. පැරදුණොත් රතු කොඩි ඔසවනවා යයි කියා ඇත.

රජු යු’ද්ධයට ගිය පසු කුමාරිකාවන්ගේ සිත බැලීමට සිතූ මුරකරුවෝ විහිළුවට රතු කොඩි එසවූහ. මෙය සැබෑවක් යයි සිතූ කුමාරිකාවෝ ශෝ’කයට පත්ව මිනිකඳවලට පැන දිවි නසා ගත්හ.

එයින් එක් බිසවක් ගැබ්බරව සිටි බැවින් කුස සිටි කුමරු අදිකාරම් විසින් දකිනු ලැබ බේ’රාගත් බව කියැවෙයි. පසුව ඒ කුමරා රජ වූ බවත් ජනප්‍රවාදයේ එයි. ඒ නිසා මුරගලත් රනල ගලත් අතර ඇති කොටස තිස්කුමාරගල ලෙස හැඳින්වෙන බව පැවසෙයි.

අසුපිනි ඇල්ල නැරඹීමට යාමේදී තිස්කුමාරගල දැකගත හැකිය.තවත් ජනප්‍රවාදයකට අනුව වලගම්බා රජුගේ අසු මේ ඇල්ල උඩින් පැන්න නිසා අසුපිනි ඇල්ල වූ බව කියැවෙයි.

කුමාරිකාවන් තිස් දෙනාගේ කතාවට බොහෝ සෙයින් සමාන ජනප්‍රවාදයක් බලංගොඩ ප්‍රදේශයේ දෙතනගල කඳුවැටියෙන් ඇද හැලෙන රන්මුදු ඇල්ල හා බැඳී පවතී. මෙය රන්මුදු ගඟෙන් පටන් ගන්නා ඇල්ලකි. ඇත්තෙන්ම ස්ථාන දෙකකදී රන්මුදු ගඟ ඇලි දෙකක් බවට පත්වෙයි.

රන්මුදු ඇල්ලේ නාමය සැදුනු සැටි විමසීමේදී පැවසෙන්නේ අතීතයේ ජීවත් වූ රාජ කුමාරිකාවන්ගේ රාජ ආභරණ මෙහි ගලක් යට සඟවා ඇති බවයි.

ඈත අතීතයේ මේ අසල රාජ කුමාරවරු හත්දෙනකු කුමාරිකාවන් හත් දෙනකු සමග මෙහි සැඟවී සිටි බව කියැවේ. කුමාරවරුන් යු’ද්ධයකට ගිය බවත් යු’ද්ධයෙන් පැරදුනොත් කළු කොඩි ඔසවන බවත් කුමාරිකාවන්ට පවසා ඇත. කුමාරවරුන් යු’ද්ධයෙන් දිනූ අතර කුමාරිකාවන්ට විහිළුවක් කිරීමට සිතා කළු කොඩියක් එසෙව්වාලු.කුමාරිකාවන් එය දැක ශෝ’කයට පත්ව තම ආභරණ ඇල්ලේ ගල යට තබා ඇල්ලට පැන දි වි න’සාගත් බව කියැවේ.

මේ කතාවද අසුපිනි ඇල්ලේ කතාවට තරමක් සමානය. රන්මුදු ඇල්ලේ කුමාරයකු හා කුමරියක මුදු හුවමාරු කරගත් නිසා රන්මුදු ඇල්ල වූ බව තවත් ජනප්‍රවාදයකි.

විවිධ විශ්වාස හා කතන්දර දිය ඇල්ලෙන් ඇල්ලට වෙනස් වෙයි.රන් ආඳා දිය ඇල්ලේ වතුර වැටෙන තැනින් මතුවීම, රන් සෙම්බු දැක ගැනීම, බි’ලි ගැනීම ගැන ආදී බොහෝ විශ්වාස දියඇලි හා සම්බන්ධව ගෙතී ඇති නමුදු ඇතැම් ජනප්‍රවාද ඒවාටම විශේෂිත වූ ඒවාය. ඒ හැර එකම විධියේ ජනප්‍රවාද ඉඳහිට අසන්නට ලැබෙයි.

ඇතැම් ජනප්‍රවාද සියයට සියයක්ම සැබෑවක් නොවූවද ඇතැම් විට ඒ හරහා අපට ඉතිහාසයේ සැඟවුණු තොරතුරු සොයා යන්නට මෙයින් පිටිවහලක් ලැබිය හැකියයි සිතේ.

( රොඩ්නි විදානපතිරණ – ලංකාදීප )  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here