නිධන් හොරු කුඩා සිතුල්පව්ව චෛත්‍ය හාරති…ගර්භය ක’පලා පස්සේ ප්ලාස්ටර් පැරිස් යොදා අලවලා

0

දොලොස්දහසක් මහ රහතන්වහන්සේ එදා වැඩසිටි ඓතිහාසික සිතුල්පව්ව විහාරයට අයත් කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ ගර්භය ඊයේ (01 වැනිදා) අලූයම කොන්කී‍්‍රට් ක’පන යන්ත‍්‍ර යොදා ගෙන හාරා එහි තැම්පත් කර තිබූ නිධන් වස්තු සො’රාගත් සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහ යු ද හමුදාව එම ප‍්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම නිධන් සො’රකමට සම්බන්ධ එක් පුද්ගලයකු ඊයේ අලූයම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

නිධන් සො’රුන් විසින් කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ ගර්භය අඩි දෙකක් පමණ යටට හාරා නිධන් වස්තු සො’රගෙන පසුව එම ගර්භය කොටස නැවත තිබූ ආකාරයට පිළිසකර කර ඇති බව පොලිසිය පවසයි. චෛත්‍යයේ ගර්භය හාරා වි’නාශ කිරීම සඳහා නිධන් හො’රුන් යොදාගත් කොන්ක‍්‍රිට් ක’පන යන්ත‍්‍ර සහ තවත් උපකරණ කීපයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගත් නිධන් සොරකමට සම්බන්ධ පුද්ගලයා දෙබරවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වි’මර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට නිධන් හො’රුන් ඓතිහාසික සිතුල්පව්ව විහාරයට ඇතුළු වී ඇත්තේ පෙරේදා (31 වැනිදා) රාත‍්‍රි 8.00 ට පමණය. සිතුල්පව්වට පැමිණෙන ප‍්‍රධාන මාර්ගය මඟහැර කැලෑබද මාර්ගයක් ඔස්සේ නිධන් හො’රුන් පිරිස එහි ඇතුළු වී ඇත.

පසුව කුඩා සිතුල්පව්ව චෛත්‍යයේ ගර්භය ඉතාම සූක්‍ෂම ආකාරයට කොන්ක‍්‍රීට් කපන මැෂින් යොදාගෙන හාරා ඇති නිධන් හො’රුන් පසුව ගර්භයට ගඩොල් අතුරා ප්ලාස්ටර් පැරිස් යොදා එය නැවත තිබූ ආකාරයටම සකසා තිබේ.

කුඩා සිතුල්පව්ව චෛත්‍යය පිහිටි ප‍්‍රදේශයේ යන්ත‍්‍ර ක‍්‍රියාත්මක වන ශබ්දය ඇසීමෙන් පසු ඊයේ අලූයම පොලිස් කණ්ඩායමක් එම ප‍්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් කර ඇත.

ඒ වන විට සිතුල්පව්ව පොලිසිය සහ හමුදා ආරක්‍ෂාව යොදවා තිබූ අතර කුඩා සිතුල්පව්ව චෛත්‍යය පිහිටි ප‍්‍රදේශයේ වි’මර්ශන කර ඇත්තේ එම නිලධාරීන් විසින් ය.

එහිදී චෛත්‍යය හා රා නිධන් ගනිමින් සිටි සංවිධානාත්මක කණ්ඩායම පොලිසියට හමු වී ඇත. පොලිසිය දැක ක’ලබලයට පත් වූ නිධන් හො’රුන් කැලෑවට ප ලා ගොස් ඇති අතර ඒ අවස්ථාවේ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.

නිධන් වස්තු ලබාගැනීමට චෛත්‍යයේ ක’ඩා දැමූ කොටස නැවත තිබූ ආකාරයට සකස් කිරීමට නිධන් හො’රුන් දැඩි උත්සාහයක් ගෙන තිබූ බව පොලිසිය පවසයි.

නිධන් වස්තු හො’රකමට සම්බන්ධ සංවි’ධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහා දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ‍්‍රී දමින්ද මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇත.

හේමන්ත රන්දුණු සහ කතරගම කේ.ඩී දේවප්‍රිය (දිවයින පුවත්පත)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here