රිළවෙකුගේ ඔ’ත්තුවෙන් මිහින්තලේ රක්ෂිතයේ නිදන් සෙවූ 11 ක් අල්ලාගනී.

0

ඓතිහාසික මිහින්තලේ පූජාභූමි පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි රාජගිරි ලෙන් සංකීර්ණයට අයත් ගල් ගුහාවක නිධානයක් හා’රමින් සිටි කො’ල්ලකරුවන් කො’ටුකර ගැනීමට එම ස්ථානයට ගිය පුරාවිද්‍යා නිලධාරීන් ට කැලෑවේ සිටි එලවපු හෝ’ඩුවාවක් ලබා දීමේ සිද්ධියක් මිහින්තලේ පුරාවිද්‍යා නිලධාරීහු හෙළි කළහ.

ඉකුත් අගෝස්තු 31 වැනිදා උදේ වරුවේ දී මිහින්තලේ පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරී මංජුල රත්නායක මහතාට රාජගිරි ලෙන් ප්‍රදේශයේ සැ’කකටයුතු පිරිසක් හැසිරෙන බවටත් කැලෑවෙන් කිසියම් ශබ්දයක් ඇසෙන බවටත් එක්තරා පුද්ගලයෙක් තොරතුරක් ලබා දී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පුරාවිද්‍යා නිලධාරිවරයා පුරාවිද්‍යා රක්ෂිතයේ ප්‍රධාන රැ’කවල්කරු වන පී ටී රංජිත් මහතාත් කම්කරුවන් දෙදෙනෙක් සමග රාජගිරි ලෙන් සංකීර්ණ ප්‍රදේශයට ගියේය.

එහිදී කලුදිය පොකුණ හැරෙන හන්දියේ ලඟ යතුරුපැදියක් නතර කරගෙන කිසියම් දෙදෙනකු සිටින දැක ඒ ගැන විපරම් කිරීමට එක් පුරාවිද්‍යා සේවකයෙකු කටු කටු සෑය අසල නතර කර සෙසු පිරිස කටුසෑය අසලින් කැලෑව තුළට ඇතුළුවූයේ දැඩි විමසිල්ලෙනි.

කටු සෑය සිට මීටර් 500ක් පමණ කැලෑව තුළට ගියත් කිසිදු හෝඩුවාවක් නොවිණි.ඒ අතර පුරාවිද්‍යා නිලධාරීන් සැඟවී නිරීක්ෂණය කරමින් සිටියදී හදිසියේම ඒ ආසන්නයේ ගසක සිට රිලව් ඉල්ලපු නො’සන්සුන්තාවයෙන් යුතුව යුතුව හැසිරෙනු දක්නට ලැබුණි.

ඒ ගැන සැලකිලිමත් වූ පුරාවිද්‍යා නිලධාරීන්ට දැකගත හැකි වූයේ රිළවා කිසියම් ස්ථානයක් වෙත එබිකම් කරන ආකාරයයි.ඉතා ඕනෑකමින් රිළවා එබිකම් කළ දිසාවට අවධානය යොමුකළ නිලධාරීහු ඒ ආසන්නයේ වූ ගල් ගුහාවක් දැක අසලට ගියහ.

ඒ සමඟම කැ’ණීම් ශබ්දයත් සමග අන්න කවුදෝ එනවා කියන හඬක් ද ඇසී තිබේ.ඒ සමඟම ගල්ගුහාවේ කිහිප දෙනෙක් එළියට පැන ගනිමින් අ’තුරුදන් වූහ.

මෙහිදී පුරාවිද්‍යා නිලධාරීන් හට දැකගත හැකිවූයේ ගසක් උඩ සිටි රිළවා ගල් ගල්ගුහා වෙත එබිකම් කර ඇත්තේ කො’ල්ලකරුවන් පිරිස කෑම කමින් සිටි ස්ථානය යුතු බවයි.

එහිදී පැහැදිලිව නිධානයක් ගොඩ ගැනීමට පැමිණි පිරිසක් ගල් ගුහාව තුළ සිටි බව තේරුම් ගත් පුරාවිද්‍යා නිලධාරීන් තම දුරකථනයෙන් මිහින්තලේ පොලිසියට පොලීසියට සිද්ධිය දැන්වීය දැන්වී ය ඒ අය ඒ අනුව වහාම පැමිණ පොලිසිය හා එක් වූ පුරාවිද්‍යා නිලධාරීන් කැලෑව තුළ සැඟවී සිටි කො’ල්ලකරුවන් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත්හ.

( මිහින්තලේ – ර.මු.සු.රත්නායක – ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here