එළුවාගේ අං ප’හර සිඟිත්තාගේ පණනළ උදුරාගනී.

0

වවුනියාවේ පූවරසන්කුලම, පම්පෙයිමඩු ප‍්‍රදේශයේ නිවසක ඉදිකොට තිබූ එළු ගාලක බිත්තියක් ක ඩා වැ’ටීම නිසා වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවකු එම බිත්තියට යට වී මි’යගොස් තිබේ.

එළු ගාලේ දමා සිටි එළුවකු කු’ලප්පු වී බිත්තියට ඇ’නීම නිසා අළුතින් ඉදි කළ බිත්තිය ක ඩා වැ ටී ඇති බව පුවරසන්කුලම පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙම සිද්ධියෙන් මි’යගොස් ඇත්තේ සුජන්තන් ක‍්‍රිෂාන් නැමති දරුවකු වන අතර ඔහු බිත්තියට යට වීමෙන් පසුව වවුනියාව මහ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් පසුව එම දරුවා මි’යගොස් තිබේ. වවුනියාව පූවරසන්කුලම පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here