කොවිඩ් නිසා හිටි හැටියේ අක්කයි, මල්ලියි නිවස තුළ මි’යගිහින්

0

පූගොඩ, යකඹේ ප්‍රදේශයේ නිවසක් තුළ මි’යගොස් සිටි දෙදෙනෙකුගේ දේහයන් අද (03) සොයාගෙන තිබෙනවා.

මි’යගොස් තිබුණේ එකම පවුලේ සහෝදරියක් සහ සහෝදරයෙක් බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ පැවසීය.

43 හැවිරිදි අවිවාහක සහෝදරිය ඇඟලුම් සේවිකාවක් වශයෙන් සහ ඇයගේ 38 හැවිරිදි සොහොයුරා ත්‍රිරෝද රථ රියදුරෙක්ද ලෙසද සේවය කර තිබුණි.

ඔවුන් දෙදෙනා ඊයේ (02) රාත්‍රීයේ උදරයේ අ’සනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන නින්දට ගොස් තිබුණු බව ඔවුන්ගේ ඥාතියෙක් සඳහන් කළේය.

එම ඥාතියා ඖෂධ රැගෙන අද උදෑසන එම නිවෙසට ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනා බිම වැ ටී මි’යගොස් සිටි අයුරු දැක අදාළ අංශ දැනුවත් කර තිබේ.

පසුව මෘ ත දේහ වතුපිටිවල මූලික රෝහලට රැගෙන ගොස් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here