ඌරුවරිගේ වන්නිලාඇත්තන් ගේ බිරිය ’’හීන් මැණික්’’ කොරෝනාවට බි’ලි

0

කොවිඩ් ආසාදිත ව රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” ඊයේ (04) රාත්‍රියේ මි ය ගියාය.

කොවිඩ් නිවුමෝනියා තත්ත්වය ඇති වීමේ හේතුවෙන් “හීන් මැණිකේ” මහියංගන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා (02) පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී දැ ඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) රාත්‍රී මෙසේ මි ය ගියාය.

හීන් මැණිකේ දරුවන් නව දෙනෙකුගෙන් මෑණියන් වූවාය.ඇය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිත ව මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබුවේ 29වැනිදාය.

හීන් මැණිකේ සහ වන්නිල ඇත්තන් මී පැණි පූජාව සඳහා ඉකුත් 18 වැනිදා දළදා වහන්සේ වැඳ පූදා ගැනීමට පැමිණ සිටි බව ද වාර්තා වෙයි.

නිමන්ති රණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here