රු. 2000 ගානේ කෝටි 2ක් ජනතාවට බෙදපු ධනපතියා අත්අඩංගුවට

0

යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන නීති ක ඩ කිරීමේ චෝ’දනාව මත ඊයේ (06)  දින අත්අඩංගුවට ගනු ලැබීය.

උඩුප්පිඩි වදිරියන් මාර්ගයේ පිහිටි අදාල ධානපතියාගේ නිවසේ සිට මෙලෙස එක් වැසියෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරන බවට තොරතුරු ලැබීමත් සමග එම ස්ථානයට විශාල පිරිසක් සෞඛ්‍ය නීති ක’ඩකරමින් එක්රැස් වී ඇත.

එහිදී අදාල සිදුවීම පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට සහ සෞඛය නිලධාරීන්ට වාර්ථා වීමත් සමග එම ස්තානයට ගිය පොලිස් නිලධාරීන් විසින් රැස්ව සිටි පිරිස් නිරෝධායන නීති ක’ඩකිරීම හේතුවෙන් වි’සුරුවා හැරීමට පියවර ගෙන තිබේ.

ඉන් පසු අදාල ධානපතියා සමග මුදල් බෙදමින් සිටි තවත් දෙදෙනෙකු පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් භාරයට ගත් පිරිසගෙන් සිදුකරන ලද ප්‍රශන කිරීමේදී අනාවරනය වී ඇත්තේ ස්විස්ටර්ලන්තයේ සිටින තම පුතා විසින් එම ධානපතියාට මුදල් එවා ඇති බවයි.

එම මුදල් සාමාන්‍ය ජනතාවට බෙදාදෙන ලෙසට තම පුතු විසින් කරන ලද ඉල්ලීම නිසා එලෙස මුදල් බෙදා දීම සිදුකල බවට එම ධානපතියා පවසා තිබේ.

පසුගිය දිනෙක් කැලණිය ප්‍රදේශයේදීද ධනපතියෙකු විසින් මේ ආකාරයටම මුදල් ලබාදීමක් සිදුකර තිබුණි.දෙවන දිනයේද එලෙස මුදල් ලබාදීමේදී පොලීසිය පැමිණ සිටි පිරිස වි’සුරුවා හරිනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here