පපුවේ අ’මාරුවට ප‍්‍රතිකාර ගැනීමට ගිය 31 හැවිරිදි තරුණයා රෝහල පෙනි පෙනී ඇද වැ ටී ම’රුට

0

පපුවේ ඇතිවූ වේ’දනාවකට ප‍්‍රතිකාර ගැනීම සඳහා අසල්වැසියෙකු සමග යතුරු පැදියෙන් රෝහලට යමින් සිටි පුද්ගලයෙකු රෝහල ඉදිරිපිටදීම යතුරුපැදියෙන් වැ’ටී පෙරේදා (06) සවස මි’යගොස් ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.

මෙසේ මි’යගොස් ඇත්තේ ඇත්කඳුර ජනඋදාන ගම්මානයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුට ඇතිවූ පපුවේ අ’මාරුවක් නිසා අසල්වැසි තරුණයෙකුගේ

යතුරුපැදියේ පිටුපස වාඩිවී රෝහලට යමින් සිටියදී බද්දේගම රෝහල ආසන්නයේදීම යතුරු පැදියෙන් වැ’ටී මි’යගොස් ඇත.

මි’යගිය අයගේ ම’ළසිරුර බද්දේගම රෝහලේ තැන්පත් කර ඇති අතර පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර එම වාර්තාව ලැබුන පසු පශ්චාත් ම’රණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

අහංගම – සුගතපාල දියගහගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here